උතුරු ග්‍රීසියේ සිදුවූ අවාසනාවන්ත දුම්රිය අනතුර නිසා පුද්ගලයන් 43 දෙනෙකු මිය ගිය අතර ගරා වැටුණු දුම්රිය දෙකේ සුන්බුන් අතර තවත් අය සිටීදැයි පරීක්ෂාව බදාදා රාත්‍රිය තෙක් සිදු කෙරිණි.
ග්‍රීක අග්‍රාමාත්‍ය Kyriakos Mitsotakis මගී දුම්රිය සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රිය එකිනෙක ගැටීම “ප්‍රධාන වශයෙන්ම ඛේදජනක මානව දෝෂයක් හේතුවෙන් සිද්ධවූවක්..අපේ රටේ මෙතෙක් සිදුවූ බිහිසුණුම දුම්රිය අනතුරක්” ලෙස හැඳින්වූ අතර පූර්ණ ස්වාධීන පරීක්ෂණයක් සඳහා ප්‍රතිඥා දුන්නේය.
Larissa ප්‍රධාන හදිසි මරණ පරීක්ෂිකාව පැවසුවේ සිරුරු 43ක් ඇය වෙත පරීක්ෂණ සඳහා ගෙනවිත් ඇති අතර ඒවා බොහෝ දුරට විකෘති වී ඇති බැවින් DNA හඳුනාගැනීම අවශ්‍ය වනු ඇති බවයි.
ග්‍රීසියේ ගිනි නිවන සේවය පැවසුවේ බදාදා අග භාගයේ පුද්ගලයින් 57 දෙනෙකු රෝහල් ගත කර ඇති අතර, හය දෙනෙකු දැඩි සත්කාර ඒකකයේ සිටින බවයි. තවත් 15 දෙනෙකුට වැඩි පිරිසක් ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇත.
ඇතන්ස් සිට තෙසලෝනිකි දක්වා වූ දුම්රියේ මගීන් 350ක් සිටි අතර, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් කලබලකාරී කානිවල් සැමරුම්වලට සහභාගි වී ආපසු පැමිණි සිසුන්ය.
අනතුරින් පසු බලධාරීන් ලැරිසා නගරයේ දුම්රියේ අවසන් නැවතුමේදී ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගත්හ. ඔවුන් එම පුද්ගලයාගේ නම හෝ අත්අඩංගුවට ගැනීමට හේතුව හෙළි නොකළ නමුත් එම මාර්ගයේ දුම්රිය ගමනාගමනය සම්බන්ධයෙන් වගකිව යුත්තේ ස්ථානාධිපතිවරයා ය. විධිමත් ලෙස චෝදනා එල්ල කිරීම සඳහා ඔහු බ්‍රහස්පතින්දා නඩු පවරන්නෙකු ඉදිරියේ පෙනී සිටීමට නියමිතය.
ප්‍රවාහන අමාත්‍ය කොස්ටාස් කරමන්ලිස් ඉල්ලා අස්වූයේ "මෙතරම් අසාධාරණ ලෙස මිය ගිය මිනිසුන්ගේ මතකයට ගරු කිරීමේ මූලික ඇඟවීමක් ලෙස" තමන් ඉවත් වන බව පවසමිනි.
"21 වැනි සියවසට නොගැලපෙන තත්ත්වයක" තිබූ දුම්රිය පද්ධතියක් වැඩිදියුණු කිරීමට තමා "හැම උත්සාහයක්ම" ගත් බව කරමන්ලිස් පැවසීය.
එහෙත්, "මෙම ඛේදවාචකයක් සිදු වූ විට කිසිවක් සිදු නොවූවාක් මෙන් එය දිගටම කරගෙන යා නොහැක." ඔහු ඉවත්වෙමින් කීය.
0 Comments