Give-the-right-to-free-elections-US-Ambassador-demands

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ ගෞරවනීයම උත්සවය වන ජාතික නීති සමුළුව ඊයේ පස්වරුවේ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්විණි.එක්සත් ජනපද තානාපතිනි ජූලි චුන්ග් එහි ප්‍රධාන ආරාධිතාව වූවාය. එහිදී ඇය පැවැත්වූ කථාවේදී
නීතියේ ආධිපත්‍යය සහ සැමට යුක්තිය ඉටු කිරීම සඳහා ශක්තිමත් සහ ස්ථාවර බලවේගයක් වන ලෙස ශ්‍රී ලංකාවේ නීති ප්‍රජාවගෙන් ඉල්ලා සිටියාය.


එක්සත් ජනපද තානාපතිනි ජූලි චුන්ග් ඊයේ පළාත් පාලන මැතිවරණය ශ්‍රී ලංකාවට  'තීරණාත්මක' බව ප්‍රකාශ කළ අතර එය පැවැත්වීම රජය සතු යුතුකමක් ලෙස පෙන්වා දුන්නාය.
තම අයිතීන් වෙනුවෙන් ඍජුව පෙනී සිටීමේ හැකියාව පුරවැසියන්ට ලබා දීම රජය සිදු කළ යුතු බවත්
සිවිල් සමාජ සංවිධාන සමඟ සහයෝගීතාවයෙන් සහ ස්වාධීන අධිකරණයක සුදුසුකම් ලත් නීතිමය නියෝජනයක් හරහා රජයට විනිවිද බාවයක් පවත්වායාම අවශ්‍ය බවත් පෙන්වා දුන්නාය.
පළාත් පාලන මැතිවරණය ඉතා තීරණාත්මක වනු ඇති බවද ඇය පැවසුවාය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය කියා සිටියේ “ලොව පුරා ප්‍රජාතන්ත්‍රවාදය අසීමිත වන බවත් නීතියේ ආධිපත්‍යයෙන් තොරව කිසිදු ප්‍රජාතන්ත්‍රවාදයක් නොපවතින බවයි. ‘ඔබ, ඔබ සැවොම ඒ අගනා පාලනයේ මුරකරුවෝ වෙති.‘ ඇය නීතීඥයින් දෙසට හැරෙමින් කීවාය.

“ආරම්භයේ සිටම අප දෙරට අතර සබඳතාව පදනම් වී ඇත්තේ ස්වාධීන අධිකරණයේ වැදගත්කම ඇතුළු හවුල් ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම මතයි. එදිනෙදා ශ්‍රී ලාංකිකයින්ට ඔවුන්ගේ ගැටළු සාමකාමීව ප්‍රකාශ කිරීමට සහ ඔවුන්ගේ රජයට සහභාගී වීමට ඇති අයිතිවාසිකම් සඳහා එක්සත් ජනපදය සහය නොසැලී පවතී" චුන්ග් මහත්මිය පැවසුවාය.