Ratnapura-Listeria-a-disease-scare-with-one-death---beware-of-meat

ශ්‍රී පාද ප්‍රදේශය ආශ්‍රිතව ලිස්ටීරියා රෝගය ව්‍යාප්ත වීම සම්බන්ධයෙන් කලබල වීමට හේතුවක් නොමැති බව පවසමින් ජාතික සෞඛ්‍ය විද්‍යා ආයතනයේ ප්‍රජා වෛද්‍ය රෙජිස්ට්‍රාර්, වෛද්‍ය නවීන් සොයිසා කියා සිටියේ මේ සම්බන්ධයෙන් බලධාරීන් විසින් සියලු පියවර ගෙන ඇති බවයි.



“රෝගය වාර්තා වී ඇති ශ්‍රී පාද ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් අවශ්‍ය අධ්‍යයනයන් සිදු කරමින් පවතිනවා,” ඔහු පැවසීය.

“මරණ කිහිපයක් පිළිබඳව සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය වූවත්, ලිස්ටීරියා රෝගයෙන් සිදුවූ බවට තහවුරු වී ඇත්තේ එක් මරණයක් පමණක් බවත්, තවත් සැක සහිත මරණ දෙකක් වාර්තා වී ඇති බවත්, කෙසේ වෙතත්, ඒවා සිදු වූ බවට තහවුරු වී නොමැති බවත් ඔහු පැවසීය.
ආහාර හරහා මෙම ලිස්ටීරියා රෝගය වැළඳිය හැකි බවත් එහිදී රෝග ලක්ෂණ ලෙස පාචන තත්වය, බඩේ අමාරුව, උණ ගතිය ඇතිවිය හැකි බවත් ඔහු පෙන්වා දෙයි.

ශ්‍රී පාදස්ථානයට යන එරත්න මාර්ගයේ වෙළෙඳසැලක් පවත්වාගෙන ගිය වැලිමඩ ප්‍රදේශයේ කාන්තාවක මෙම රෝගය නිසා මියගොස් තිබුණි.



ඇයට රෝග ලක්ෂණ පෙන්නුම් කිරිමෙන් අනතුරුව රෝහල්ගතව ඇත්තේ පසුගිය 23 වනදායි. ඇය ලිස්ටීරියා රෝගි තත්ත්වයට ගොදුරු ව සිට ඇති බවට මුලික විමර්ශනවල දි තහවුරු වීමෙන් පසු වසංගත රෝග විද්‍යා අංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබුණි.
ලිස්ටීරියා රෝග තත්ත්වයෙන් සිදු වූ බව කියන තවත් මරණ 2ක් පිළිබද තොරතුරු වාර්තා වී ඇති නමුත් මෙතෙක් එම මරණවලට හේතුව නිශ්චිතව තහවුරු කරගෙන නොමැත.
උණ,වමනය,හිසරදය,හුස්ම ගැනීමේ අපහසුතා,කෑම අජිර්ණය වැනි රෝග ලක්ෂණ ලිස්ටිරීයා වෛරසය අසාදනය වු රෝගීන්ගෙන් පෙන්නුම්
කර ඇත.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කථිකාචාර්ය වෛද්‍ය තුෂාරි දිසානායක පැවසුවේ මෙම ආසාදන තත්ත්වය බහුල ලෙස මාංශ ආහාර ගැනීමේ අයට අවදානමක් පවතින බවයි. ආහාර මගින් ශරීරගත වන මෙම විෂබීජය බඩවැල්වලට සහ රුධිරයට එකතු වී අවසානයේ මොළයට ගමන් කිරීමේ හැකියාවක් පවතින බවත්, ඇතැම් විට මාරාන්තික විය හැකි බවත් පැවසේ.


Listeriosis මිනිසුන් සඳහා බරපතල වන්නේ වැළදෙන අයගෙන් 20% පමණ මියයන නිසාය. මෙහි ප්‍රධාන සායනික කුලක දෙක වන්නේ සෙප්සිස් සහ මෙනින්ජයිටිස් ය. 


බටහිර වෛද්‍යවරුන් රෝගය පැතිරීමට හේතු වූ ආහාර ලැයිස්තුවක් ප්‍රකාශයට පත් කර ඇති අතර හොට් ඩෝග්, මස්, කිරි ( පැස්චරීකරණය කළ ), චීස් (විශේෂයෙන් ෆෙටා, බ්‍රී, කැමම්බර්ට් වැනි මෘදු-ඉදුණු චීස්, නිල් නහර සහිත, හෝ මෙක්සිකානු විලාසිතාවේ ක්වෙසෝ බ්ලැන්කෝ ),
අමු සහ පිසූ කුකුළු මස්, අමු මස්, අයිස්ක්‍රීම්, අමු පලතුරු, එළවළු, දුම් මාළු සහ ශීත කළ මස් ය.
2019 දී, එක්සත් රාජධානියේ මාරාන්තික වූ රෝගීන් සැන්ඩ්විච්වල ඇති දූෂිත මස් (උතුරු රට පිසින ලද මස් ) හේතුවූ බව පර්යේෂණ මගින් සොයාගන්නා ලදි.
2019 දී, ඕස්ට්‍රේලියාවේ පුද්ගලයන් දෙදෙනෙකු සැමන් මත්ස්‍ය අනුභව කිරීමෙන් මිය ගිය අතර ලිස්ටීරියා ආසාදිත මස් පරිභෝජනය කිරීමෙන් පසු නෙදර්ලන්තයේ මරණ තුනක් සහ ගබ්සාවක් වාර්තා විය.
නිවසේ ආහාර වර්ග 4  °C (39 °F) ට අඩු ශීතකරණයේ තැබීම බැක්ටීරියා වර්ධනය අධෛර්යමත් කරයි. පැස්ටරීකරණය නොකළ කිරි නිෂ්පාදන අවදානමක් ඇති කළ හැකිය. සියලුම මස් වර්ග (හරක් මස්, ඌරු මස්, කුකුළු මස් සහ මුහුදු ආහාර ඇතුළුව) ආරක්ෂිත අභ්‍යන්තර උෂ්ණත්වයකට එනම් සාමාන්‍යයෙන් 73°C (165 °F), ආහාර මගින් බෝවන රෝග කාරකය විනාශ කරයි.