Ruhunu-Hostels-headmaster-went-from-room-to-room-with-manna-knife

කඹුරුපිටියේ පිහිටා ඇති රුහුණ විශ්ව විද්‍යාලයේ  තාක්ෂණ පීඨයේ පිරිමි නේවාසිකාගාරයක ඇතිවූ ගැටුම්කාරී සිද්ධියක් හා ඒ නිසා පීඨය වසා දැමීම ගැන මාධ්‍ය වාර්තා පළවීමෙන් පසු එහි බලධාරීන් හා සිසුන් මත දෙකක් ඉදිරිපත් කරන බව පෙනෙන්නට තිබුණි.
උප ශාලාධිපති කුසල් ගුණවර්ධන නේවාසිකාගාරයේ සිටි දෙවන වසරේ සිසුවකුට පහරදීමකින් පසු සිසුන් පිරිස සිසුවාගේ පැත්ත ගැනීම නිසා බහින්බස්වීමක් ඇතිව තිබේ.


 ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන් මැදිහත්වෙී ගැටුම සමථයකට පත් වන නමුත් කුසල් පසුව පිරිසක් කැටුව ඇවිත් නේවාසිකාගාරයට ගල් ගසා ගැටුම උත්සන්න කරවූ බව කියැවේ.
මෙහිදී සිසුන් අත වරද පටවන්නට බලධාරීන් ක්‍රියාකරන අතර සිසුන් පවසන්නේ බලධාරීන් වරද සිදු කළ බවයි.
 සිසුන් හා උප ශාලාධිපති අතර ගැටුම කලක පටන් තිබී ඇති අතර මින් ඉහත ඔහු මන්නා පිහියක් රැගෙන කාමරයෙන් කාමරයට ගොස් පරුෂ වචනයෙන් බැණවදිමින් සිසුන් බිය වැද්දීම හා තර්ජනය කිරීම සිදුකර ඇති බව කියැවේ. ඊට අදාළ වීඩියෝ සාක්ෂිද මේ වනවිට සිසුන් ප්‍රසිද්ධයට පත් කර තිබේ. එම වීඩියෝව පහතින්