ජපානයට ආවේණික ආහාරයක් වන 'සුෂී' සම්බන්ධයෙන් පළ කළ නොමග යවනසුලු වීඩියෝ කිහිපයක් නිසා එරට ආන්දෝලනයක් හටගෙන තිබේ.
ජපාන පොලිසිය "සුෂි ත්‍රස්තවාදය" ලෙස හඳුන්වා ඇති මේ සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.

පසුගිය මාසයේ, ආපන ශාලාවකදී එක්තරා පුද්ගලයෙකු සුෂී මත තැවරූ සෝයා සෝස් බෝතලයක් ලෙවකන අන්දමේ ප්‍රෑන්ක් වීඩියෝවක් පළ වී තිබූ අතර මෙම විඩියෝව ජපන් වැසියන්ගේ කෝපයටත්, දැඩි පිළිකුලටත් හේතු වූ බව වාර්තා වී ඇත.

මෙහිදී 'කුරා සුෂි' නමැති මෙකී ආපනශාලා ශාඛාව තුළදී, පිඟන් කෝප්ප මත කෙල දමා අතුල්ලා අප්‍රසන්න තාවයක් ජනිත කර තිබුණි.


ජපානයේ සුෂී අවන්හල් ජාලයේ  කයිටින් සුෂි (Kaiten-sushi) ලෙස හැඳින්වෙන අවන්හලේ මෙම ආන්දෝලනය හේතුවෙන් මහජන විරෝධය මත පැමිණිලිද අභියාචනාද ඉදිරිපත් කර ඇති බව වාර්තා විය.

මෙම 'සුෂී ත්‍රස්තවාදය' නිසා සමහර ආපනශාලා ඔවුන්ගේ සේවාවන් සම්පූර්ණයෙන්ම නැවැත්වීමට පවා තීරණය කර ඇති බව කියැවේ. ඒ සමඟම පාරිභෝගිකයාට කැමති පරිදි 'සුෂි සැකසුම් අනුව ආහාර ලබන ක්‍රියාවලිය' රට පුරා නතර වී තිබේ. මෙහෙයින්, කාර්ය මණ්ඩලය මේ වන විට ගනුදෙනුකරුවන් වෙත එක් වරම ආහාර ගෙන එන බව සහ ඔවුන් අසුන් ගත් පසු පමණක් කුළුබඩු, සෝස් වර්ග ලබා දෙන බව පැවසේ.

 "සුෂි ත්‍රස්තවාදී" සිද්ධිය රට පුරා මිලියන ගණනක් කම්පනයට පත් කර ඇතිවා සේම  සමාගම්වල කොටස් මිල පහත වැටීමට ද මෙය හේතු වී ඇති බැව් හෙළිවී තිබුණි.

පසුගිය බදාදා අත්අඩංගුවට ගත් පුද්ගලයින් විසින් ඉලක්ක කරන ලද 'කුරා සුෂි' අවන්හල් ජාලයේ ප්‍රකාශකයෙකු පවසා ඇත්තේ මෙම පළ කරන ලද වීඩියෝවෙහි ප්‍රවණතාවය “අතිශයින්ම භයානක” වන බවත්, එය 'සුෂි කොන්වෙයර් බෙල්ට්'අවන්හල් ආකෘතියේ පදනමට තර්ජනයක් වන බවත් වේ.

මෙම සුෂි සිද්ධීන් කිහිපයක් මේ වන විටත් නීතිමය ක්‍රියාමාර්ගවලට ලක් කර තිබේ.   
මෙම සිදුවීම පාරිභෝගිකයින්ට ඔවුන්ගේ සනීපාරක්ෂක ප්‍රමිතීන් පිළිබඳ සහතික කිරීම සඳහා රට පුරා ඇති අනෙකුත් අවන්හල් වලට මඟ පෑදීමට හේතු වූ බවද පැවසේ.
මෙම හේතූන් නිසාවෙන් සුෂී අවන්හල් ජාලය පසුගිය මාසයේ සිය සේවා නීති වෙනස් කරන ලද බව සඳහන් ව ඇත.


Sushi-Japan-has-been-spoiled-by-prank-videos