The-first-Chinese-tourism-to-Sri-Lanka-after-Corona

පශ්චාත් වසංගත චීන සංචාරකයින්ගේ පළමු කණ්ඩායම ඊයේ (බදාදා) රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණි අතර ඔවුන් ගුවන් තොටුපළේදී පිළිගනු ලැබුවේ සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong විසිනි.



කොවිඩ් වසංගතයෙන් පසු චීනයේ ගුවැන්ශෝ සිට පැමිණි පළමු චීන සංචාරකයන් පිරිස ලංකාවේ ස්ථාන ගණනාවක සංචාරයේ යෙදෙන්නට නියමිතය.
 එළැඹෙන අප්‍රේල් මස සිට බිජිං, ශැංහයි හා ගුවැන්ශෝ සිට සතියට ගුවන් ගමන් වාර තුන බැගින් ගුවන් ගමන් වාර 9ක් ලෙස ශ්‍රීලංකන් ගුවන් සේවය ඔස්සේ පිරිස් දිවයිනට පැමිණිමට නියමිත බවද වාර්තා විය.