තමන්ට දරුවෙකු ලබන්නට සිටියදී එය අහිමිව යාමත් අලුත් දරුවෙකු දැන්ම හදන්නට බැරි ලෙස සැමියා විදේශගතවීමත් නිසා මුදලට දරුවෙකු ගන්නට උත්සාහ කළ කාන්තාවක සිදු කළ බලහත්කාරකමක් ගැන පසුගියදා වාර්තා විය.
දරුවෙකු නොමැතිව විස්සෝපයට පත් මේ කාන්තාව යාචක මවක සමග ගනුදෙනුවක් කතා කර දරුවෙකු ලබාගන්නට උත්සාහ කර තිබූ අතර මුලින් දරුවා විකුණන්න කැමතිවී පසුව බෑ කියූ යාචක මවගෙන් තම අපේක්සා ඉටු නොවුණ තැන ඇය තවත් පිරිසක් සමග සංවිධානය වී දරුවා බලෙන් පැහැරගන්නට උත්සාහ කර තිබේ. යාචක මව කළ පැමිණිල්ල අනුව පොලිස් පරීක්ෂණ වලින් පසු දරුවා නැවත ලබාගන්නට හැකියාව ලැබුණි.


යාචක කාන්තාවකගේ මාස එකහමාරක් වයසැති පිරිමි දරුවා පැහැර ගත් බව කියන කාන්තාව වනාතවිල්ලුව
ප්‍රදේශයේ දී පෙරේදා (2) රාත්‍රී අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය සදහන් කරයි. පැහැරගත් දරුවාද පොලිස් බාරයට ගෙන ඇත. දරුවා පැහැර ගැනීමට ආධාර අනුබල දුන් බව කියන ත්‍රිරෝද රථ රියදුරකු, බ්‍රෝකර්වරයකු ඇතුළු පිරිමි පුද්ගලයන් සිවුදෙනකු
පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකාරියගේ සැමියා විදේශගතව සිටින අතර ඇය දරු ප්‍රසූතියක් සඳහා කොළඹ ප්‍රදේශයේ ඥාති
නිවසක රැඳී සිටිය දී දරු ගැබට මාස හතක් තිබියදී දරුවා මියයාමෙන් අනතුරුව කෙසේ හෝ දරුවකු සොයා නැවතත් ගමට යාමේ
අධිෂ්ඨානයෙන් කල් ගෙවා ඇතැයි පොලිසිය කියයි.
දරුවකු මිල දී ගැනීමට ලක්ෂ තුනක මුදලක් අත දරාගෙන දෙමටගොඩ ප්‍රදේශයේ දන්නා හඳුනන පුද්ගලයකුට දරුවකු සොයාදෙන ලෙස
කාන්තාව විසින් පවසා තිබූ බව පොලිස් විමර්ශනවල දී අනාවරණය විය. ඒ අනුව එම පුද්ගලයා මෙම
කාන්තාව සමඟ දෙමටගොඩ බොරැල්ල බම්බලපිටිය ආදී ප්‍රදේශවල දරුවෙකු සොයා දින කීපයක් ඇවිදිමින්  යමින් සිටිය දී බම්බලපිටිය
ප්‍රදේශයේ සපත්තු මසන පුද්ගලයකු ලබා දුන් තොරතුරක් අනුව යාචක කාන්තාව මුණගැසී ඇය අත දරා සිටි මාස එක හමාරක්
වයසැති පිරිමි දරුවා මුදලට ඉල්ලා ඇතැයි පොලිසිය කියයි.


එයට මුලදී කැමැත්ත පළ කළ යාචක කාන්තාවට ප්‍රධාන සැකකාර කාන්තාව විසින් රුපියල් ලක්ෂයක මුදලක් ලබා දී ඇති අතර බ්‍රෝකර්වරයාට රුපියල් 50,000කුත් ත්‍රිරෝද රථ රියදුරුට රුපියල් විසිපන්දහසක් සහ අනෙක් පුද්ගලයන් දෙදෙනාට
රුපියල් 25000 බැගින් දී තිබූ බව පොලිසිය සිදු කළ පරීක්ෂණවල දී අනාවරණය වී ඇත.
කාන්තාව දෙමටගොඩ ප්‍රදේශයේ රෙදිපිළි අලෙවිසැලකට ගොස් තිබූ සැකකාරිය දරුවා වෙනුවෙන් රුපියල් 1900ක ඇඳුම් පැළඳුම් මිලදීගෙන ලබාදී තිබූ බව ද පොලිසිය කියයි.
දරුවා කාන්තාවට ලබා දීම වෙනුවෙන් යාචක කාන්තාව රුපියල් ලක්ෂයක මුදලක් ලබා ගත්තත් පසුව දරුවා
ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති අතර කොම්පඤ්ඤ වීදිය රථ ගාලක දී දරුවා යාචක කාන්තාව අතින් උදුරාගෙන කුලී මෝටර් රථයක නැගී
වනාතවිල්ලුවට රැගෙන ගොස් තිබූ බව විමර්ශනවලදී අනාවරණය වී තිබිණි.
තම දරුවා පැහැර ගත් බවට යාචක කාන්තාව කරන ලද පැමිණිල්ලක් අනුව සීසීටීවී දර්ශන අනුව සිදුකළ පරික්ෂාවේදී ත්‍රිරෝද රථයක
ලියාපදිංචි අංකය ඔස්සේ සිදු කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව උසස් පොලිස් නිලධාරි යෙකු පැවැසීය.
පැමිණිලිකාර යාචක කාන්තාව සහ ඇයගේ සැමියා තදින් මත්කුඩුවලට ඇබ්බැහි වූවන්ය. අත්අඩංගුවට ගත් 53හැවිරිදි ප්‍රධාන සැකකාරිය
ඇතුළු සැකකරුවන් සියලු දෙනා සහ යාචක කාන්තාව ද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
 
The-lost-mother-is-caught-trying-to-kidnap-a-beggar-child