The-wife-pushed-the-6-month-old-girl-into-a-shrimp-tank-to-take-revenge-on-her-husband

සැමියා සමග පැවති ආරවුලක් හේතුවෙන් සැමියාගෙන් පලිගන්න බිරියක තම අවුරුදු එකහමාරක දරුවා
ඉස්සන් ටැංකියකට තල්ලු කර දැමූ පුවතක් පුත්තලමේ උඩප්පුව ප්‍රදේශයෙන් වාර්තාවී තිබේ.

උඩප්පුව කට්ටකඩුව ප්‍රදේශයේ ඉස්සන් ගොවිපලක සේවය කරනු ලබන කම්කරුවකුගේ බිරිද මෙම සැහැසි ක්‍රියාව සිදු කර ඇති අයුරු කම්පන සහගත දර්ශන සීසීටීවී මගින්ද අනාවරණය වේ.

ඇය ඔවුන්ගේ වයස අවුරුද්දයි මාස 6 ක පමණ වන ගැහැණු දරුවා ඉස්සන් ටැංකියට තල්ලු කරන්නේ කෝපය පිට කිරීමක් ලෙසය. කාන්තාව දරුවා ඉස්සන් ටැංකිය අසලට රැගෙන විත් ඉන් පසුව එකවර එම ඉස්සන් ටැංකියට තල්ලු කර ඇති බව පොලිස් පරික්ෂණ වලදි හෙළිවි තිබේ.



 දරුවා ඉස්සන් ටැංකියට තල්ලු කර දමා කිසිත් නොදන්නා ලෙස හැසිරෙන ඇය දරුවා නොමැති බව
පවසමින් සොයමින් සිටියදී එම ඉස්සන් ගොවිපලේම සේවය කරනු ලබන වෙනත් කම්කරුවකු දරුවා ඉස්සන්
ටැංකිය තුළ දගලනු දැක  පැන බේරා ගෙන ඇති අතර බේරා ගත් දරුවා කඩිනමින් පුත්තලම මූලික රෝහලට ඇතුලත් කරන්නට කටයුතු කර තිබේ.
මේ වනවිට පුත්තලම රෝහලින් කුරුණෑගල ශීක්ෂණ රෝහලට මාරු කර යවා ඇති දරුවාගේ තත්වය වාසනාවට යහපත් අතට හැරි ඇති බව රෝහල් ආරංචි හෙළි කර තිබේ.

පොලිස් පරික්ෂණ වලදි සනාථ වි ඇත්තේ දරුවා ඉස්සන් ටැංකියට තල්ලු කල කාන්තාව කලක සිට සැමියා
සමග පවුල් ආරවුලක් තිබි ඇති බවත් මෙම ක්‍රියාව එම කෝපය පිටකිරීමක් ලෙස සිදු කර ඇති බවත්ය.
මින් ඉහත කොබෙයිගනේ ප්‍රදේශයෙ පදිංචිව සිටි මෙම කාන්තාව සැමියා සමග පවතින පවුල් ආරවුල ගැන කොබෙයිගනේ පොලිසියට ගොස් විසඳාගන්නටද මින් පෙර උත්සාහයක නියැළී ඇත.


පොලිසියවට ඉදිරිපත් වු අවස්ථාවේ දෙදෙනා දරුවා සමග සාමකාමිව වාසය කරන ලෙස උපදෙස් ලබා දී තිබු බව පැවසේ.

කෙසේ නමුත් මෙම කාන්තාව තම සැමියා හා දරුවා සමග කට්ටකඩුව ඉස්සන් ගොවිපලේ වාඩියක පදිංචිව
සිටියදී  දින කිපයකට පෙර සැමියා සමග ඇතිවු ආරවුලකින් පසු සැමියාගෙන් පලි ගැනිමට දරුවා මෙසේ
ඉස්සන් ටැංකියට තල්ලු කර දමා තිබේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් 20 හැවිරිදි එක්දරු මව උඩප්පුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර
පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
සිද්ධියට අදාළ සීසීටීවී මගින් ලබාගත් ඡායාරූප පහතින්

තොරතුරු - හිරාන් ප්‍රියංකර