Tritum-Trumpet-seller-nabbed

'ට්‍රැයිටම්ගේ හොරනෑව’ නමැති දුර්ලභ ගණයේ ආරක්ෂක මුහුදු බෙල්ලෙක් ලක්ෂ දොළහක මුදලකට විකිණීමට උත්සාහ කළ බව කියන සැකකරුවන් තිදෙනෙකු එක් අයෙකුට රුපියල් ලක්ෂ දෙක බැගින් තිදෙනාට කොන්දේසි සහිත රුපියල් ලක්ෂ හයක ශරීර ඇප මත මුදාහැරීමට අත්තනගල්ල අංක 02 මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා  පෙරේදා (01දා) නියම කළේය.  කුඩගම්මන පදිංචිකරුවන් තිදෙනෙකුට එසේ ඇප නියම කෙරිණි.



ගුවන් හමුදා බුද්ධි අංශයේ තොරතුරකට අනුව වනජීවී නිලධාරීන් පිරිසක් උපාය දූතයෙකු යොදවා 'ට්‍රැයිටම්ගේ හොරනෑව' නමැති දුර්ලභ ගණයේ ආරක්ෂක මුහුදු බෙල්ලෙක් රුපියල් ලක්ෂ දොළහක මුදලකට මිලදී ගන්නා බවට කතා කර ගෙන සැකකරුවන් තිදෙනා මුහුදු  බෙල්ලා රැගෙන වේයන්ගොඩ ප්‍රදේශයට පැමිණි අවස්ථාවේ අත්අඩංගුවට ගෙන තිබිණ.  මොවුන් සන්තතකයේ තවත් මෙවැනි දුර්ලභ ගණයේ මුහුදු බෙල්ලන් සිටින බවට තොරතුරු ලැබී ඇති හෙයින් ඒ පිළිබද වැඩිදුරටත් පරීක්ෂණ පවත්වාගෙන යන බවද වන සත්ව අඩවි ආරක්ෂක වරයා පවසා සිටියේය.  නැවත කැඳවීම මේ මස 31වැනිදාට කල් තැබිණි.


 වාරණ ආනන්ද ඉ. ජයකොඩි