පසුගිය බ්‍රහස්පතින්දා, ඉන්දියාවේ සූරත් උසාවිය මගින් ‘මෝදි වාසගම හැම හොරෙකුටම තියනවා‘ යන ප්‍රකාශයක් තුළින් අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කොට ඉන්දීය විපක්ෂ නායක රහුල් ගාන්ධිට වසර 2ක සිර දඬුවමක් නියම කළේය.කෙසේ වෙතත් ඔහුට වහා ඇප හිමි විය. ඔහු අභියාචනයක් ඉදිරිපත් කරන බවද කියා තිබේ. නමුත් ඉන්පසු සිදුවූයේ එවැනි චෝදනාවක් ලබා තිබීම මත ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය (ලෝක් සභා සාමාජිකත්වය) අහෝසි වීමයි.
ඊළඟ මැතිවරණයකදී මෝදිගේ පක්ෂයට එරෙහි බලවත්ම බාධකයක් ලෙස කරලියට පැමිණෙන ගාන්ධි දේශපාලන පලිගැනීමකට ලක්ව තිබේ.
රාහුල් ගාන්ධි තවදුරටත් මන්ත්‍රීවරයෙක් නොවේ. සිකුරාදා ලෝක් සභා ලේකම් කාර්යාලය සිය නිවේදනය නිකුත් කළේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 102(1) වගන්තිය සහ '1951 මහජන නියෝජනය පිළිබඳ පනතේ' 8 වැනි වගන්තිය යටතේ ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් නුසුදුස්සකු වී ඇත.
කෙසේ වෙතත් නැවත පාර්ලිමේන්තු අසුන ලබාගැනීමට රහුල් ගාන්දිට විකල්ප ඇති බව ඉන්දීය පුවත්පතක් වන භාස්කර් පෙන්වා දෙයි.
ඒ අනුව රාහුල් ගාන්ධිට තම සාමාජිකත්වය අවලංගු කිරීමේ ලෝක් සභා ලේකම් කාර්යාලයේ දැනුම්දී ශ්‍රේෂ්ඨාධිකරණයේදී අභියෝගයට ලක් කළ හැකිය. ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් යම් කෙනෙකුගේ අයිතිවාසිකම් කඩ වී ඇත්නම් ඔහුට මහාධිකරණයට හෝ ශ්‍රේෂ්ඨාධිකරණයට යා හැකියි.
2022 අවසාන මාසවලදී යූපී ප්‍රාන්තයේ රාම්පූර් ආසනයේ එස්පී එම්එල්ඒ අසාම් ඛාන් නමැත්තෙකුටද මේ ආකාර සිදුවීමක් සිදුව ඇත.
අපහාස නඩුවේ වසර 2ක සිර දඬුවමට එරෙහිව රාහුල් ගාන්ධි මහාධිකරණයේ අභියාචනයක් ඉදිරිපත් කර ඇති අතර ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ කපිල් සිබාල් පවසන්නේ, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රාහුල් ගාන්ධිගේ වරද අවලංගු කළහොත් හෝ අත්හිටුවුවොත් ඔහුගේ ලෝක් සභා සාමාජිකත්වය නොවෙනස්ව පවතිනු ඇති බවයි.
ඇතැම් ප්‍රවීණයන් පවසන්නේ මහාධිකරණය විසින් රාහුල්ගේ වරද නිෂ්ප්‍රභ කළත්, ඔහුගේ දඬුවම අඩු කළත් ඔහුගේ සාමාජිකත්වය ස්වයංක්‍රීයව යළි පිහිටුවන්නේ නැති බවයි. මේ සඳහා රාහුල් ගාන්ධිට නැවතත් මහාධිකරණයට හෝ ශ්‍රේෂ්ඨාධිකරණයට යාමට සිදුවනු ඇත.
තවත් විකල්පයක් ලෙස දිගටම මෙම තහනම පවතිනවානම් රහුල්ට නැවත ඉක්මනින් තරග කර අසුන දිනාගත හැකි බවයි.
රාහුල්ගේ මන්ත්‍රී ධූරයෙන් පසු පුරප්පාඩු වූ වයනාද් ආසනයේ අතුරු මැතිවරණයක් පවත්වා ඊළඟට සුදුස්සෙකු පවත්වන්නට සිදුවන අතර එය තව මාස 6 කින් පමණ සිදුවේ.
වයනාද් ආසනයේ අතුරු මැතිවරණයක් පැවැත්වුවහොත්, රාහුල් ගාන්ධිට නැවත තරඟ කිරීමට හැක්කේ තත්වයන් දෙකක් යටතේය.
අතුරු මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමට සහ ඔහුගේ නාමයෝජනා අවසන් දිනයට පෙර, අපහාස කිරීමේ මුල් නඩුවේ රාහුල් වරදකරු කිරීම මහාධිකරණය විසින් අත්හිටුවිය යුතුවීම හා
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රාහුල්ගේ ලෝක් සභා සාමාජිකත්වය අවලංගු කිරීමේ නිවේදනය තහනම් කිරීම හෝ අවලංගු කිරීම සිදුවේ.
0 Comments