anura-cpc-issue

ජාතික ජන බලවේගයේ පැවැති දේශපාලන රැස්වීමක් අමතා එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා මෙසේ පැවසීය.

"තෙල් සංස්ථාව තෙල් ගේනවා  ඒක පෙට්‍රල් ෂෙඩ් එකේ විකුණනවා. ගබඩා කරන්නෙ, බෙදා හරින්නේ CPSTL එකේ. පුද්ගලික සමාගමක්. දැන් මෙතන පාඩු වෙන්නෙ කොතනද? ප්‍රධාන පාඩුව තියෙන්නෙ ආණ්ඩුව තීරණයක් කරනවා ඉස්සෙල්ලම තෙල් සඳහා සහනාධාරයක් දෙන්න. දැන් වෙලා තියෙන්නෙ ඒ සහනාධාරේ දරා ගන්න වෙලා තියෙනවා තෙල් සංස්ථාවට.

භූමිතෙල් සහනාධාරේ විතරක් 2018 බිලියන 7යි. කෝටී 700ක්. කෝටි 700ක් දැන් සංස්ථාවට පාඩුයි. එහෙම සහනයක් දෙන්න ඕනේ. හැබැයි ඒක භාණ්ඩාගාරේ දරාගන්න ඕනේ.

මේ මිලට අරන් දෙන සහනාධාරය තෙල් සංස්ථාව මත පැටවීම තමයි එක ප්‍රධාන පාඩුවක් වෙන්නේ.

දෙක, කෝටි 256ක් එයා ලංකා එක තෙල් සංස්ථාවට ණයයි. තෙල් සංස්ථාව ඒක අරන් තියෙන්නෙ බැංකුවෙන්. බැංකුවට පොළියක් ගෙවන්න ඕනේ. කෝටි 4700 ක් ණයයි විදුලි බල මණ්ඩලේ තෙල් සංස්ථාවට. පුද්ගලික විදුලි බලාගාර බිලියන 6.7ක් ණයයි. ත්‍රිවිධ හමුදාව මිලියන 820ක් ණයයි. සල්ලි හම්බුන් නැති වුණාම බැංකුවෙන් ණයක් ගන්නවා. මෙහෙම එකතු වෙලා තෙල් සංස්ථාවේ දැන් ණය රුපියල් ට්‍රිලියනයයි. ඇති මේ විදියට තියෙනවා.

අපි ණයට තෙල් ගැහුවේ නැති බව ඇත්ත, නමුත් අපි නියමිත මිලට තෙල් ගත්තෙත් නැහැ.

තෙල් සංස්ථාව තෙල් ගේන්න ඕනෙ ඩොලර් වලින්, උපයන්නෙ රුපියල් වලින් ඒ රුපියල ඩොලර් වලට කන්වර්ට් වෙනකොට ගෙනාපු ගානට වඩා තෙල් මිල ඉහළ ගිහින්. 1%කින් රුපියල අවප්‍රමාණ වෙනකොට තෙල් සංස්ථාවේ ණය පංගුව කෝටි 570කින් වැඩි වෙනවා. මේ අවුරුද්දේ රුපියල අවප්‍රමාණ වෙලා තියෙනවා 80%කින්.

ඊළඟට දේශපාලන පත්වීම්. ක්ෂණික මිලදී ගැනීම් වලින් අපිව හිර කරනවා බෙල්ලලටම. පහුගිය දවස්වල ප්‍රමාද ගාස්තු විතරක් ගෙවලා තියෙනවා නැව් වලට කෝටි 285ක්. පාඩුයිනෙ? තෙල් ගෙන්නල්ලා විකුණගන්න බැරි මිනිස්සු රටක් හදයිද?
අපි පිරිපහදුවේ ධාරිතාවය වැඩි කරගන්න ඕනේ. ඒක තමයි අපේ රටේ ආර්ථිකේ ප්‍රධානම දේ.

දැන් අපි මේගොල්ලන්ගෙන් අහන්නෙ මේ ගොල්ලො විකුණන්න හදන්නෙ කොයි කෑල්ලද? "