anurada-edirisinghe-speaks

රංගන ශිල්පිණී අනුරාධා එදිරිසිංහ සතිඅන්ත පුවත්පතක් සමග පැවැත්වූ සාකච්ඡාවකදී මෙසේ අදහස් පළ කර තිබේ.


ඔබ මේ වෙද්දී ආදරවන්තියක් ද?
නැහැ.



මොනවගේ කෙනෙක් ද හොයන්නෙ
මාව ගොඩක් වටිනවා කියන දේ දැනුණු පිරිමි චරිතය තමයි මගේ තාත්තා. මම හිතනවා හැම ගැහැණු ළමයෙක්ටම ඒක එහෙමයි. පුංචි කාලේ ඉඳලා තාත්තාගේ සෙවණේ හැදිලා වැඩිලා, තාත්තාගේ ආදරේ දැකලා, තාත්තගේ ගති ගුණ දැකලා, තාත්තා අම්මට ආදරේ කරපු විදිය සලකපු විදිය මේ හැමදෙයක්ම දැකලා මගේ හිතෙත් වැඩිපුරම ඇත්තේ ඒ ගතිගුණවලට සමාන කෙනෙක්. මම හොයන්නේ එහෙම කෙනෙක්. තාත්තට මාව සැහෙන්න වටිනවා. මොන දේ වුණත් එයා මගේ ළඟින් හිටියා. ඒ වගේ ආදරයක්, ඒ වගේ වටිනාකමක් මට දැනෙනවා නම් ඒක තමයි මම හිතන්නේ ඔය අහන එකට උත්තරේ.