april-25-new-date

කල් දමන ලද පළාත් පාලන ඡන්ද විමසීම ලබන අප්‍රෙල් මස 25 වන දිනපැවැත්වීමට මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී ඒකනායක දින නියම කර තිබේ.
ඔහුගේ අත්සනින් නිකුත් කළ එම නිවේදනයේ සඳහන් පරිදි දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන්ට ඒ ගැන දන්වා ඇති බවත් ඔවුන් එහි ඉදිරි කටයුතු සිදුකරනු ඇති බවත් දන්වා ඇත.


කෙසේ වෙතත් නව දිනය කුමක්දැයි ඊයේ මැතිවරණ කොමිෂන් සභාව නිල වශයෙන් තීන්දු කරන්නට යොදාගත් රැස්වීමට අනේදෝලනාත්මක ලෙස මුදල් සිර කරගෙන සිටින මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන සහභාගී නොවීම කැපී පෙනේ.
 ඔහු පවසා ඇත්තේ ඒ අවස්ථාවේම පැවැත්වෙන ආරක්ෂක මණ්ඩල රැස්වීමට ඔහුට සහභාගී වීමට සිදුවන නිසා කොමිසමට පැමිණිය නොහැකි බවය. නමුත් ඒ අවස්ථාවේ දී ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ සේම අගමැති දිනේෂ් ගුණවර්ධන ද පාර්ලිමෙන්තුවට පැමිණ සිටි බැවින් මුදල් අමාත්‍යාංශ ලේකම්ගේ ප්‍රකාශය බොරුවක් බව පෙනී ගියේය.
ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව ප්‍රකාරව අයවැයෙන් වෙන් කළ මුදල් නිදහස් කිරීමට සිදුවන නිසා දේශපාලන බලපෑම් මත මෙකී රාජ්‍ය නිලධාරියා සිය වගකීම පැහැර හැර ඇති බවක් පෙන්නුම් කර තිබේ.‍
මුදල් ලේකම්වරයා නීතියට එකඟව මුදල් ලබාදේද මේ නව දිනයේ ඡන්දය පවත්වන්නට හැකියාවක් තිබේද යන්න ඒ අනුව නැවත අවිනිශ්චිතභාවයකට මුහුණදී ඇත.
නව මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කරමින් කොමිසම නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.