
දොළොස් හැවිරිදි සිසුවියකට ලිංගික අතවර කළැයි කියන බලංගොඩ ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයකු බලංගොඩ පොලිසිය විසින් ඊයේ (5වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා බලංගොඩ ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි අයෙකි.
වඩේ මිලදී ගෙන දෙන්නම් යැයි පවසා පාළු නිවසකට රැගෙන ගොස් සිසුවිය මෙලෙස අපයෝජනය කර ඇතැයි විමර්ශනවලදී හෙළිවී ඇත.
මෙම විදුහල්පතිවරයා පෙර රාජකාරි කළ පාසලේද ළමයින්ට ලිංගික හිංසන කළැයි කියන සිදුවීම් 4 කට විමර්ශන බලංගොඩ කලාප අධ්‍යාපන කාර්යාලය ආරම්භ කර තිබේ.
කලාප අධ්‍යාපන කාර්යාලයෙන් හෝ එම දරුවන්ගේ භාරකරුවන් එම සිදුවීම පිළිබඳ පොලිසිය දැනුවත් කර නොමැති බව පොලිසිය පවසයි.
Comments
Post a Comment
Your comment will be visible after approval