basil-ranjith-bandara

පාර්ලිමේන්තු මන්ත්‍රී කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පොදුජන පෙරමුණේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වී මෙසේ අදහස් දැක්වීය.

"බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍ය ධූරයේ කටයුතු කරපු කෙටි කාල සීමාව තුළ තීරණාත්මක වැඩ කොටසක් මේ රටේ ග්‍රාමීය ආර්ථිකේ ශක්තිමත් කරන්න සිදු කලා.
හැම ග්‍රාමසේවා කොට්ඨාසයකටම අයවැයෙන් කොටසක් හිමි වුණා. පරිසරය ආරක්ශා කරන්න 20%ක් ඍජුවම ආයෝජනය කලා.

තමන්ගේ ප්‍රජාවගේ මූලික අවශ්‍යතාවයන් ඉෂ්ඨ කරන්න අවශ්‍ය කරන මුල්‍ය පහසුකම් මේ හරහා ලැබුණා. නමුත් එවකට බලයේ හිටපු ජනාධිපතිවරයට මේ කාරණය තේරුම් ගන්න බැරිවුණාදෝ කියන සැකය අපි තුළ තියෙනවා.

අපි සතුටු වෙනවා අපි තීරණාත්මක කටයුතු වලදී යම්කිසී තීරණාත්මක වැඩ කොටසක් කරපු දේශපාලන ව්‍යාවපාරයක් විදිහට. ඒ පිළිබඳව විවිධ අය විවේචන එල්ල කලා. ඒ විවේචන අභිබවා අද පේනවා රුපියල ස්ථාවර වෙමින් පවතිනවා.

විදේශ සංචිත එකතු වෙනවා. අපනයන ආදායම් ඉහළ යනවා. රට තුළ දේශපාලන ආර්ථික ස්ථාවරත්වයක් ගොඩ නැගෙනවා. මේ අය විවිධ කෝණ වලින් අර්බුද නිර්මාණය කරනවා. ඔවුන්ගේ අරමුණ රජය අකාර්‍යක්ෂම කිරීම.

අද මිනිස්සු ඇත්ත නැත්ත මොකක්ද කියලා දන්නෙ නෑ. සමාජ මාධ්‍ය හරහා විශාල කළබගෑනියක් ඇති කරනවා. ඡන්ද පදනමටත් වඩා විශාලයි සමාජ මාධ්‍ය ක්‍රියාකාරීත්වය. මහජනතාව සත්‍ය දැන ගැනීමේ අයිතිය මේ අය මුළුමනින්ම විනාශ කරලා තියෙනවා. මේ සියල්ලටම වඩා භායානකයි රාජ්‍ය භාණ්ඩාගාරයට ලැබෙන මුදල් සීමා කිරීම. මහා භාණ්ඩාගාරෙට ලැබෙන මුදල් සීමා කිරීම සඳහා ඉතාම සංවිධානාත්මක වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. මහමඟ මහජන නියෝජිතයෝ මරා දමන තත්වයකට මේ අය පත් කරලා තියෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදළේ සම්බන්ධ කර ගැනීමේ වැඩපිළිවෙලට මුලින්ම අතගැස්සුවේ බැසිල් රාජපක්ෂ මැතිතුමා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදළේ සහයෝගය අත්‍යාවශ්‍යයි.  මරික්කාර් අමාත්‍යතුමා ලබන මාර්තු වෙනකම් වත් IMF පහසුකම ලබාගන්න හැකිවෙන්නේ නැහැයි කියන ප්‍රකාශය කලා. ඒ ප්‍රවෘත්තිය මුළුමනින්නම අසත්‍යක්. IMF එක මේ මාසේ තුන්වෙනි සතිය වෙනකොට අපිඋ අපේක්ශා කල පරිදි අපිට සහයෝගය දක්වන්න ඉදිරිපත් වෙනවා කියලා. වර්තමාන ජනාධිපතිවරයාට ඒ සඳහා වන නිසි ගෞරවය අපි පක්ෂයක් විදිහට පිරිනමන්න කැමතියි."