basl-new-president=kaushalya-nawaratne

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 27 වන සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතා අද (25) සිය ධුරයේ වැඩ ආරම්භ කළේය.
2021 වර්ෂයේ පෙබරවාරි මස 24 වැනි දින  සිට මේ දක්වා එම ධූරයේ කටයුතු කළ ජනාධිපති නීතිඥ සාලිය පීරිස්ගේ ධූර කාලය ඒ අනුව අවසන්වී ඇත.
2023 - 2024 වසර සඳහා ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නව සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතා ඡන්ද විමසීමකින් තොරව පසුගියදා තේරී පත් වුණි.එම තනතුර සඳහා ඔහු පමණක් නාමයෝජනා භාරදී තිබුනි.
මේ අතර නීතිඥ සංගමයේ විධායක කමිටු සාමාජිකයින් 13දෙනෙකු තෝරා පත්කරගැනීම සඳහා වන නිලවරණය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද උදෑසන පැවැත්වුණි.
අනතුරුව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 49 වැනි සමුළුව ආරම්භ වූයේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙනි.
ධුරයෙන් ඉවත්වූ සාලිය පීරිස් මහතා ස්තූතිය පළකරමින් ෆේස්බුක්හි තැබූ සටහන පහතින්