bhojpuri-actress-akanksha-dubey-found-dead-inside-hotel

විසිපස් හැවිරිදි ඉන්දීය සිනමා නිළියක හෝටලයකදී දිවිනසාගත් පුවතක් අද එරට මාධ්‍ය වාර්තාකර තිබේ.
ඉන්දියාවේ බොජ්පූරි සිනමාවට (බෝජ්පූරි බස නේපාලය හා ආසන්න උතුරු ඉන්දීය ජනතාව භාවිත කරති) අයත්  ආකන්ක්ෂා දුබේ බනාරස් නමැති මෙම නිළිය සාරානාත්හි සෝමේන්ද්‍රා නමැති හෝටලයේ එක් කාමරයක ගෙල වැලලාගෙන මිය ගිය බව වාර්තා කර තිබේ.
ඊයේ රාත්‍රියේ රූගත කිරීමක් අවසන් වී හෝටලයට ගිය නිළිය එහිදී සියදිවි හානිකරගෙන ඇති බවත් සිරුර හෝටල් කාමරයේ විදුලි පංකාවේ එල්ලී තිබියදී හමුවී ඇති බවත් සඳහන්ය.
කඩිමුඩියේ හෝටල් කාර්ය මණ්ඩලය සාරානාත් පොලිසියට සිද්ධිය දැන්වීමෙන් අනතුරුව ඒ ගැන සොයා බලා තිබේ.
ඇගේ ඥාතීන් ද දැනුවත් කර ජංගම දුරකථනය ඇතුළු දෑ සන්තකයේ තබාගෙන පරීක්ෂණ අරඹා ඇත.
සියදිවි නසා ගැනීමට පැය කිහිපයකට පෙරත් ඇය සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් හුවමාරු කරගෙන ඇතිබව කියැවිණි.


මෙම වීඩියෝවේ ආකාන්ෂා භෝජ්පූරි ගීතයේ නර්තන වීඩියෝවක් දක්නට ලැබෙන බවත් එහි ඇගේ පෙම්වතා යයි කියන තරුණයා දක්නට ලැබෙන බවත් මාධ්‍ය වාර්තා වල දැක්වේ.
ගෙවුණ වැලන්ටයින් දිනයේදී, ආකාන්ෂා ඇගේ සමාජ මාධ්‍ය වෙත පෙම්වතා කියන නළු සමර් සිං සමඟ සුන්දර පරෙවියෙකුගේ පින්තූරයක් බෙදාගෙන, "සුබ වැලන්ටයින් දිනයක් වේවා “ යයි සටහන් තබා තිබූ අතර මේ දෙදෙනාම මියුසික් වීඩියෝ කීපයකම එකට වැඩ කර තිබී ඇති බවද පැවසිණි.

සියදිවි නසාගැනීමෙන් පසු, ආකාන්ෂාගේ පැරණි සටහනක් සමාජ මාධ්‍ය තුළ ජනප්‍රිය වෙමින් පවතී, එහි ඇය ඡායාරූපයක් පළ කර, 'ආදරය ඔබ සමඟ සිටියා, නමුත් ඔබේ ආදරය මාව තදින් ඇදගෙන මට මඩ ගැහුවා' යනුවෙන් ලියා තිබේ. ඇයව පාවා දුන්නේ කවුදැයි පරිශීලකයන් විමසමින් විවිධ කටකතා නිර්මාණය කර තිබේ.

2019 දී චිත්‍රපටවලට පිවිසි ආකන්ක්ෂා දුබේ බෝජ්පූරි හි සුප්‍රසිද්ධ නිළියකි. ඇය 2019 වසරේ 'Meri Jung Mera Faisla' චිත්‍රපටියෙන් සිය මංගල දර්ශනය ආරම්භ කළේය.  මෙම චිත්‍රපටයේ ආරාධිත චරිතයක් කළ නමුත් කුඩා චරිතයකින් ප්‍රේක්ෂකයන්ගේ සිත් ගත්තේය. මෙයින් පසු ඇය රඟපෑ Mujhse Shaadi Karogi සහ Saajan වැනි චිත්‍රපට විශාල ලෙස ජනප්‍රිය විය.