Police-water-and-tear-gas-attacks-on-student-protest-at-Colombo-University

කොළඹ විශ්ව විද්‍යාල මහා ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කළ විරෝධතා පා ගමනකට පොලිසිය කොළඹ රීඩ් මාවතේ දී පොලිසිය ජල හා කදුළු ගෑස් ප්‍රහාර එල්ල  කළහ.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් ඊයේ (7) සංවිධානය කළ විරෝධතාවකට කොළඹ විශ්ව විද්‍යාලය අසලදී පොලිසිය ජල  හා කදුළු ගෑස් ප්‍රහාර එල්ල කර විසුරුවා හැරීමට එරෙහිව අද (8) මෙම විරෝධතා පා ගමන  කොළඹ විශ්ව විද්‍යාල අසලින් ආරම්භ කර තිබුණි.
මීට නීති පිඨ සිසුසිසුවියන්ද එක්ව තිබුණි.
පාගමන හේතුවෙන් තුම්මුල්ල හන්දිය අවට දැඩි රථවාහන තදබදයක්ද ඇතිවී තිබුණි. ජල හා කදුළු ගෑස් ප්‍රහාර සමග පිරිස සීසීකඩ විසිර ගියහ.