trespassers-inside-shah-rukh-khan-makeup-room-eight-hours-mumbai-police

ඉන්දීය නළු ෂාරුක් ඛාන්ගේ මන්නාට් නමැති නිවස්නය (බංගලාව) ට අනවසරයෙන් ඇතුළු වූ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව ඉන්දීය පොලිසිය වාර්තා කරයි.
හසුවන්නට පෙර පැය අටකට ආසන්න කාලයක් ඔවුන් බොලිවුඩ් නළුවාගේ වේශ නිරූපණ කාමරය තුළ සැඟවී සිටි බව පොලිසිය පවසයි.


ෂාරුක් හමුවීමට යයි කියමින් ගුජරාටයේ භාරුච් සිට පැමිණි බව කියන සාහිල් සලීම් ඛාන් සහ රාම් සරාෆ් කුෂ්වාහා යන දෙදෙනා ආරක්ෂක නිලධාරීන් විසින් අල්ලා පොලිසියට භාර දෙන ලදී. ඔවුන්ට එරෙහිව ඉන්දීය දණ්ඩ නීති සංග්‍රහය (IPC) යටතේ අනවසරයෙන් ඇතුළුවීම සහ අදාළ වැරදි සම්බන්ධයෙන් නඩු පවරා ඇති අතර, විමර්ශනය සිදුවෙමින් පවතී.

“චූදිතයන් දෙදෙනාම ඔහු හමුවීමට ඛාන්ගේ බංගලාවට රිංගා පැය අටක් පමණ නළුවාගේ වේශ නිරූපණ කාමරයේ රැඳී සිටියහ. ඔවුන් අලුයම 3 ට පමණ ඇතුළු වූ අතර පසුවදා පෙරවරු 10.30 ට පමණ ඔවුන් අල්ලා ගත්තා” යැයි පොලිසිය පවසයි.

ෂාරුක් ඛාන්ගේ බංගලාවේ කළමනාකාරිනී කොලීන් ඩිසූසා පොලිසියට ප්‍රකාශ කළේ  පෙරවරු 11 ට ආරක්ෂක නිලධාරියා තමාට කතා කළේ පුද්ගලයන් දෙදෙනෙකු බංගලාවට ඇතුළු වී ඇතැයි හඳුනාගෙන ඇති බව කියමිනි.අනවසරයෙන් ඇතුළු වූවන් සොයාගනු ලැබුවේ ගෘහයේ සේවකයෙකු වන සතිෂ් විසිනි.

“සතීෂ් ඔවුන් දෙදෙනාම වේශ නිරූපණ කාමරයේ සිට ලොබියට රැගෙන ගිය අතර එම අවස්ථාවේ නාඳුනන අය දැකීමෙන් ෂාරුක් කම්පනයට පත් විය. මන්නාට් ආරක්ෂකයින් ඔවුන් දෙදෙනාම බන්ද්‍රා පොලිසියට භාර දුන්හ.