The-American-Secretary-of-State-who-came-to-visit-India-wanted-to-ride-a-three-wheeler

මේ දිනවල  G-20 රැස්වීමක් සඳහා ඉන්දියාවට පැමිණ සිටින ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් සිකුරාදා දිල්ලි වීදිවල ත්‍රීරෝද රථයකින් ගමන් කළේය. ඇමරිකානු තානාපති කාර්යාලයේ සේවිකාවක් බ්ලින්කන්ව ඇගේ රථයේ සවාරියක් සඳහා රැගෙන ගියාය. රථයෙන් බැස යන අතරතුර, බ්ලින්කන් ඡායාරූපයක් පළ කර ප්‍රශංසා කළේය.
බ්ලින්කන් ඉන්දියාවේ ගත කළ කාලය සිය සංචාර අතර හොඳම කාලය ලෙස විස්තර කළේය. බ්ලිකන් ඉන්දියාවේ වෙසෙන ඇමරිකානු ප්‍රජාවේ ජනතාව මුණගැසී ඔවුන්ගේ වැඩද අගය කළේය. ඉන්දියාවේ වෙසෙන ඇමරිකානුවන් දෙරට අතර සබඳතාව ශක්තිමත් කිරීමේ වැදගත් පුරුකක් බව ඔහු පැවසීය.

එක්සත් ජනපද රාජ්‍ය තාන්ත්‍රිකයින් ත්‍රීරෝදරථය පදවා සිරස්තල මවා තිබෙනවාට වඩා විශේෂත්වය වන්නේ රජයෙන් ලැබුණු වෙඩි නොවදින වාහනද ඔවුන් අතහැර දමා තිබීමයි. ඇතැම් මාධ්‍ය මෙය වාර්තා කළේ ත්‍රීරෝද  රථයක් පැදවීම විනෝදයක් පමණක් නොව ඇමරිකානු විධායකයින් සාමාන්‍ය මිනිසුන් මෙන් බවට උදාහරණයක් සැපයූ බවයි. video below