stray-dogs-killed-2-brothers-in-2-days

දින දෙකක් ඇතුළත ඉන්දියාවේ දිල්ලි අගනුවරදී  සහෝදරයන් වන දරු දෙන්නෙකු අයාලේ යන බල්ලන් විසින් මරා දමා ඇත. දරුවන්ගේ සිරුරුවල බොහෝ කොටස් කැඩී බිඳී ගොස් ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ වෛද්‍යවරු ප්‍රකාශ කළහ.

අයාලේ යන සුනඛ ප්‍රහාරවලින් මිය ගිය  සහෝදරයන් වූයේ ආනන්ද් (7) සහ ආදිත්‍ය (5) ය. දකුණු දිල්ලියේ වසන්ත කුන්ජ් ප්‍රදේශයේ සින්දි කඳවුරේ ඔවුන් ජීවත් වූ බව පැවසේ. වන දෙපාර්තමේන්තු ඉඩමක ඉදිකර ඇති සින්දි කඳවුර ප්‍රදේශයේ ‘මුඩුක්කුවක්‘ ලෙස හඳුන්වා ඇත.

දිල්ලි පොලිසිය පැවසුවේ මාර්තු 10 වැනි දින පෙරවරු 10 ට පමණ ආනන්ද් තම නිවසට යාමට පිටත්ව ගිය නමුත් බොහෝ වේලාවක් ගත වුවද ඔහු නිවසට නොපැමිණීම නිසා පවුලේ අය ඔහුව සෙවීමට පටන් ගත් බවයි. ආනන්ද්ගේ සිරුර පස්වරු 5 ට බිම් කැබැල්ලක වැටී තිබියදී සොයා ගන්නා ලදී. ඔහුගේ සිරුරේ සුනඛ සපාකෑම් සහ සීරීම් සලකුණු 20කට වඩා තිබුණි.



ඉන් දින දෙකකට පසු එනම් මාර්තු 12 වැනිදා උදේ ආනන්ද්ගේ මල්ලී ආදිත්‍ය එළිමහනේ මළපහ කිරීමට ගියේය.  බල්ලෝ ඔහුට පහර දුන් අතරශබ්දය ඇසී පවුලේ ඥාතීන් එම ස්ථානයට පැමිණියද ඒ වන විටත් සුනඛයින් ආදිත්‍යට බරපතළ තුවාල සිදුකර තිබුණි. පවුලේ ඥාතීන් ඔහුව ප්‍රතිකාර සඳහා රෝහලට රැගෙන ගිය අතර එහිදී වෛද්‍යවරුන් ප්‍රකාශ කළේ ඔහු මියගොස් ඇති බවයි.

දිල්ලි පොලිසිය විසින් දරුවන්ගේ මළ සිරුරු පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය වාර්තාව තවමත් ලැබී නැත. බල්ලන් ළමයින්ට දරුණු ලෙස පහර දුන් බව පශ්චාත් මරණ පරීක්‍ෂණ වෛද්‍යවරු පවසති. ඔහුගේ සිරුරේ බොහෝ කොටස් පාහේ කැඩී ඇතැයිද කියැවිණි.

දකුණු දිල්ලි පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් බිදුරි පැවසුවේ - අයාලේ යන බල්ලන් ඇල්ලීම  රජයේ වගකීමකි. රජය එහි කාර්යය කරන්නේ නැත. මෙය අවාසනාවන්ත සිදුවීමකි.
ප්‍රදේශයේ භාරතීය ජනතා පක්ෂ නියෝජිත ඉන්ද්‍රජිත් ෂෙරාවත් පැවසුවේ - මාසයක් ඇතුළත මම ප්‍රදේශයෙන් අයාලේ යන බල්ලන් අල්ලා ගන්නා ලෙස  කිහිප වතාවක්ම පැමිණිලි කළද පලක් නොවූ බවයි.

මෙම සුනඛ පහරදීම් රංචු වශයෙන් සිද්ධවූ ඒ්වා වන අතර පිස්සු බල්ලන්ගේ පහරදීම් ලෙස හදුනගන්නට බැරි බව පෙන්වා දී තිබේ.


විශේෂඥයන් පවසන්නේ පිස්සු බල්ලන් කිසි විටෙකත් මිනී මස් කෑමට සපා නොකන බවයි. පිස්සු හැදුනාට පසු බය වෙන්න පටන් ගන්නා බවත් මිනිසුන්ගෙන් සහ සතුන්ගෙන් ඔවුන්ට විශාල තර්ජනයක් දැනෙන්නට පටන් ගන්නා බවත්ය. මේ නිසා ඉස්සරහට කවුරු ආවත් උදුරගන්න උත්සාහ දරන එවැනි බල්ලන්ගේ මුඛයෙන් කෙල සෑම විටම ගලා යයි, ඇස් රතු වේ. උන් සැමවිටම චලනය වන අතර, ඔවුන්ට ස්ථාවරව සිටීමට නොහැකි වේ. පිස්සු බල්ලන් රංචු වශයෙන් ජීවත් නොවේ, රුදුරු සහ මිනිස් භක්ෂකයෝ සෑම විටම රංචු වශයෙන් පහර දෙති. ඔවුන් රංචු වශයෙන් මිනිසුන් මරා මස් අනුභව කරති.