ඊශ්‍රායලයේ අධිකරණයේ ස්වාධීනත්වය අගමැති- ජනපති අතට ගන්නා බවට විවේචන පළවූ අධිකරණ ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් රට පුරා පැවති විරෝධතා මාස 3කට පසුව උත්සන්න තත්වය පත්වූ අතර අගමැති බෙන්ජමින් නෙතන්යාහු විසින් පනත් කෙටුම්පත අද කල් දමා තිබේ. තීරණය ප්‍රකාශයට පත් කරමින් නෙතන්යාහු කියා සිටියේ ලබන මාසයේ නිදහස් දින නිවාඩුවෙන් පසු පාර්ලිමේන්තුවේ මීළඟ සැසිවාරය දක්වා පනත කල් දමන බවයි. මේ නිසා වෘත්තීය සමිති එකමුතුව වැඩවර්ජනය අත්හිටුවා ඇත. ඊශ්‍රායලයේ මීළඟ පාර්ලිමේන්තු සැසිවාරය අප්‍රේල් 30 වැනිදා ආරම්භ වේ.
පනත් කෙටුම්පත ඉල්ලා අස්කර ගන්නා බව නිවේදනය කරමින් නෙතන්යාහු අන්තවාදී සුළුතර ප්‍රජාව රට බෙදන බවට චෝදනා කළේය.
පනත සම්මත වුවහොත් රාජකාරි නොකරන බවට නිවේදනය කළ හමුදා රක්ෂිතයා ද විවේචනය කළේය. නෙතන්යාහු පැවසුවේ - ජාතියේ සමගියට තර්ජනයක් වන අර්බුදයකට රට මුහුණ දී සිටින බවයි. සාකච්ඡා මාර්ගයෙන් රටේ සිවිල් යුද්ධය නවත්වන්න පුළුවන් වුණාම අගමැති විදියට මම ඒකට සූදානම්. නමුත් මෙම ප්‍රතිසංස්කරණය රටේ සමතුලිතතාවය නැවත ගෙන ඒමට දිගටම කටයුතු කරනු ඇත.
ඔහු කීය.
ජනාධිපති අයිසැක් හර්සොග් නෙතන්යාහුගේ තීරණය පිළිගත්තේය. මීට පෙර සභාග ආණ්ඩුවේ කොටසක් වූ ජූෂ් පවර් පක්ෂය ද පනත් කෙටුම්පත ටික කලකට කල් දැමීමට සහාය පළ කර ඇත.
ඒ අතරම අධිකරණ ප්‍රතිසංස්කරණ සම්පූර්ණයෙන් නතර කළහොත් රජය සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බව විපක්ෂ නායක යායර් ලපිඩ් ප්‍රකාශ කළේය.
ජනවාරි මාසයේදී ඊශ්‍රායල රජය ශ්‍රේෂ්ඨාධිකරණය සම්බන්ධයෙන් යෝජනාවක් නිකුත් කළේය. එය සම්මත වුවහොත් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දු ආපසු හැරවීමේ අයිතිය ඊශ්‍රායල පාර්ලිමේන්තුවට ලැබෙනු ඇත. එය නම් කර තිබුණේ ‘අතික්‍රමණය කිරීමේ’ පනත ලෙසයි. මේ පනත සම්මත වුණොත් පාර්ලිමේන්තුවේ බහුතර බලය කාට තිබුණත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අවලංගු කරන්නට හැකියාව ලැබේ. මෙමගින් රටේ ප්රජාතන්ත්රවාදය සහ ශ්‍රේෂ්ඨාධිකරණය දුර්වල වනු ඇතැයි ජනතාව විශ්වාස කරති.
බීබීසී පුවත් සේවයට අනුව, නව පනත් කෙටුම්පත මගින් තේරී පත් වූ රජයන්ට විනිශ්චයකාරවරුන් පත්කිරීමේදී මැදිහත් වීමට ඉඩ සැලසේ. එමගින් නිවැරදි සහ සාධාරණ තීරණ ගැනීමට අධිකරණයට ඇති බලය අඩු කරනු ඇත.
නෙතන්යාහුගේ නව පනත ක්‍රියාත්මක කිරීමත් සමඟ ඕනෑම නීතියක් අවලංගු කිරීමේ කාරණයේදී පවා ශ්‍රේෂ්ඨාධිකරණයේ බලය සීමා වනු ඇත.
දැන් ශ්‍රේෂ්ඨාධිකරණයට පවා ඊශ්‍රායල අගමැති ඉවත් කිරීමට නොහැකි වනු ඇත: නෙතන්යාහුට එරෙහි දූෂණ නඩුවේ තීන්දුවට පෙර පනත සම්මතකරන්නට උවමනා වූ බව විපක්ෂය කියයි
0 Comments