The-young-man-who-fell-in-love-with-snakes-was-killed-by-a-poisonous-fang

නාගයකු ඇල්ලීමට ගොස් එම නාගයා දෂ්ට කිරීමෙන් පසු බලපිටිය මූලික රෝහලට ඇතුළත් කළ තරුණයකු මිය ගොස් තිබේ.


බලපිටිය මහලදූව ප්‍රදේශයේ වත්තකට පැමිණි නාගයකු ඇල්ලීමට යාමේ දී මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අම්බලන්ගොඩ නම්බිමුල්ල පදිංචි ‍අනුරාධ මිසේන්ද්‍ර (29) නමැති අවිවාහක හිටපු යුද හමුදා සෙබළෙකි.
වෘත්තීය සර්පයන් අල්ලන්නකු හා පරිසර‍වේදීයකු වන බලපිටිය හීනටිය ප්‍රදේශයේ පදිංචි විරකෝන් ජැක්සන් නැමති අය සමඟ වසර 12ක පමණ කාලයක් ඇසුරු කර ඇති මියගිය තරුණයාටද ඒ ගැන පුහුණවක් තිබී ඇත.
ඔහු සර්පයින්ට ආදරය කරන්නෙකු ලෙස ප්‍රකටව සිටියේය.
 පසුගිය මාර්තු 07 වන දින මහලදුව ප්‍රදේශයේ නිවසකට පැමිණ ඇති නාගයකු ඇල්ලීමට තැත් කිරිමේ දී ඔහු දෂ්ඨණයට ලක්වූ අතර දරුණු විසක් ශරීර ගතවීමෙන් අනතුරුව රෝහල් ගත කළ පසු මියගොස් තිබුණි.

බලපිටිය ප්‍රියශාන්ත ද සිල්වා