teacher-placed-leave-parents-criticise

 කැනේඩියානු ගුරුවරියකගේ  විශාල ප්‍රමාණ කෘත්‍රිම පියයුරු යුගලයක් නිසා දෙමාපියන්ගේ විවේචනවලින් මාස කිහිපයකට පසු නිවාඩු ලබා දී ඇති බව වාර්තා වේ .
කැනඩාවේ ඔන්ටාරියෝ හි Oakville Trafalgar උසස් පාසලේ කාර්මික කලා ගුරුවරියක් වන Kayla Lemieux, පිරිමියෙකු ලෙස සැරසී පාසලෙන් පිටත ගමන් කරද්දී පුවත්පතක් විසින් ඡායාරූප ගත කර තිබුණි.
ඇය පවසා ඇත්තේ ඇය gigantomastia නම් දුර්ලභ රෝගී තත්ත්වයකින් පෙළෙන බවත් ඇය උපත ලැබුවේ සංක්‍රාන්ති ලිංගිකයෙකු ලෙස බවත්ය.
ජාතික සෞඛ්‍ය ආයතනවලට අනුව, gigantomastia යනු "අධික පියයුරු වර්ධනය මගින් සංලක්ෂිත දුර්ලභ තත්වයක්" වේ.


ඡායාරූපය ප්‍රකාශයට පත් කිරීමත් සමඟ ඔන්ටාරියෝ හි හැල්ටන් දිස්ත්‍රික් පාසල් මණ්ඩලයේ ප්‍රකාශිකාවක් ටොරොන්ටෝ සන් වෙත පැවසුවේ “මෙවැනි ගුරුවරියක කලාපයේ රැකියාවේ නිරතව සිටී.” යනුවෙනි.

පසුගිය වසරේ ගුරුවරිය පිළිබඳ මතභේදයක් ඇති වූයේ ඇය විග් එකක් පැළඳ පන්ති උගන්වමින් සිටින බවත්, නෙරා එන තන පුඩු සිසුන්ට තදින් පෙන්වමින් යම් උසුළු විසුලුවලට ලක් කරමින් සිටින බවත්ය.
පසුව ඇති වූ කතාන්දරය එම විදයාලයේ උණුසුම් වූ අතර අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම්වලට තුඩු දී තිබේ.
ඇගේ පෙනුම දරුවන්ට නුසුදුසු යැයි දෙමාපියන් පැමිණිලි කළ අතර පාසලට පැමිණ ඒ ගැන පැමිනිලි කර තිබුණි.



පසුගිය මාසයේ, නිව් යෝර්ක් පෝස්ට් පුවත්පත කියා සිටියේ ලේමියුක්ස් මහත්මිය පිරිමියෙකු ලෙස සැරසී, පියයුරු නොමැතිව වීදියක ඇවිද යන ආකාරය ඡායාරූප ගත කර ඇති බවයි.

"මේ මම කවුද... මේ මගේ පෙනුමයි. මම නිතරම එළියට යන්නේ මම ඉන්න විදිහටමයි. මම කෘතිම පියයුරු ඇඳගෙන නැහැ. මේවා ඇත්ත."

ගුරුවරිය පුවත්පතට පැවසුවේ ඇය 2021 දී හෝමෝන ප්‍රතිස්ථාපන ප්‍රතිකාර ආරම්භ කළ බවත් "සංක්‍රාන්තියේ" සිටින බවත් කියමිනි.

පාසලේ ශිෂ්‍යයෙකු වන Hadeon MacKillop CBC Toronto වෙත පැවසුවේ ගුරුවරුන් සඳහා ඇඳුම් පැළඳුම් කේතයක් තිබිය යුතු බවයි.
ඔහු මෙසේ පැවසීය: “සිසුන් එම නීති අනුගමනය කළ යුතු නම්, ගුරුවරුන් ද එසේ කළ යුතු යැයි මම සිතමි.

"මම හිතන්නේ ඒක තමයි ප්‍රධාන ගැටලුව, [සංක්‍රාන්ති ලිංගික] ප්‍රශ්නවලට කිසිම සම්බන්ධයක් නැහැ, එය ඇඳුම් පැළඳුම් කේතය ගැන ප්‍රශ්නයක් පමණයි."
පසුගිය ජනවාරි මාසයේදී, ගුරුවරුන් සඳහා "සුදුසු සහ වෘත්තීය" පෙනුමක් ඇති ප්රතිපත්තියක් ඉදිරිපත් කිරීමට කැනේඩියානු පාසල් මණ්ඩලය එකඟ විය.

(“ද ටෙලිග්‍රාෆ්“ ලිපියක් ඇසුරිනි)