කොටහේන ප්‍රදේශයේ ඝණ අපද්‍රව්‍ය වළකට වැටී සිහිසුන්ව ඊයේ කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කළ මහ නගර සභා සේවකයින් දෙදෙනා මිය ගොස් ඇත. ඊයේ (27 වැනිදා) කොටහේන හෙට්ටියාවත්ත ජෝර්ජ් ආර්.ද සිල්වා මාවතේ ස්ථානයක ඝණ අපද්‍රව්‍ය වළක අලුත්වැඩියාව අතරදී මොවුන් වළට වැටි ඇතැයි කොටහේන පොලිසිය පවසයි.ගලි වළේ නළ පද්ධතියක් අලුත්වැඩියා කටයුතු සිදුකරමින් සිටියදී එක් අයෙකු එම වලට ඇද වැටී ඇත.
පසුව ඔහුව බේරා ගැනීම සඳහා අනෙක් පුද්ගලයා ද එම වල තුළට බැස ඇති අතර ඔහුද එම වළට තුළට වැටී ඇත.
වළට වැටුණු සේවකයින් දෙදෙනා බේරාගැනීමට තවත් නගර සභා සේවකයෙකු අපද්‍රව්‍ය වළට බැස ඇතත් ශ්වසන අපහසුතා නිසා ඔහු නැවතත් පිටතට පැමිණ ඇත. දැඩි පරිශ්‍රමයක් දරමින් නගර සභා සේවකයින් දෙදෙනා ගොඩ ගෙන කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබුණි. විෂ වායු ආග්‍රහණය වීමෙන් මොවුන් මියගොස් ඇත.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, කොළඹ මහ නගර සභාවේ අනියම් කම්කරු සේවයේ නිරතව සිටි දෙදෙනෙකු මෙලෙස ජීවිතක්ෂයට පත් වී ඇති බව ය.
බරපතළ තත්ත්වයේ පසුවූ ඔවුන් දෙදෙනා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මෙලෙස මියගොස් ඇත.
මියගිය අය අවුරුදු 28 සහ 38 වයස්වල පසුවන කොළඹ 10 සහ කොළඹ 14 ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.
0 Comments