එක්සත් ජාතික ස්වයං රැකියා කාන්තා සංවිධානයේ සභාපතිනිය වන ධම්මිකා රණසිංහ මහත්මිය පැවැති මාධ්‍ය හමුවකදී මෙසේ පැවසුවාය.



"නව පාසල් වාරය පටන් ගන්න කළින් මං කැමතියි අහන්න කොහොමද දරුවෝ ඉගෙන ගන්නෙ කියලා. පිටු 80 කොපි පොතක් දැන් රුපියල් 100යි. දරුවන්ට අපි අධ්‍යාපනය ලබා දීම අත්‍යාවශ්‍යයි. ඒ වගේම තමයි ස්වයං රැකියා ලාභීන්. ඔවුන් දැන් තමයි ටිකක් ඔළුව උස්සන්නේ. එහෙම එන අතරතුර දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලටත් මෙච්චර වියදමක් යනවනම් කොහොමද දෙමාපියෝ ඒවා දරන්නේ.

සුසිල් ප්‍රේමජයන්ත මහත්මයා කියනවා සතොසේ පොත් ලාබෙට ගන්න ඒ ගොල්ලෝ අවස්ථාවක් උදා කරලා තියෙනවලු. ඕගොල්ලෝ කියනවා විතරයි කරන් නෑ. කොහොමද අපි විශ්වාස කරන්නේ ඒවා දෙමාපියන්නට ගන්න පුළුවන් මිලකට දෙයි කියලා. දරුවෝ නූගත් කරන්න බැහැ. පාසල් බෑග් එකක අවම මිල ඇවිල්ලා රුපියල් 3000යි. පාසල් බෑග් එකක් නැතුව ශෝපින් බෑග් එකක පොත් ටික දාලා පොත් ටික යවන්න බැහැ.

ඕගෝල්ලො පාර්ලිමේන්තුවේ කොහොම ගහගත්තත් කමක් නෑ. අපි දන්නවා ඕගොල්ලො එළියේ ඇවිල්ල කරට අත දාගෙන යනවා කියලා. අත් දෙක එකතු කරලා වැඳලා කියන්නම් ඔයගොල්ලො සේරම එකතු වෙලා ළමයින්ගෙ ඉදිරි කටයුතු ගැන හොයලා බලන්න. දරුවන්ගෙ පාසල් උපකරණවල මිල බස්සලා දෙන්න.