ලාංකීය එක්සත් ව්‍යවසායකයන්ගේ සංසදයේ සභාපති ටානියා එස්.අබේසුන්දර මහත්මිය පවැති මාධ්‍ය හමුවකදී මෙසේ පැවසුවාය.
"IMF එකේ පිහිට නැතුව ලෝකේ කිසිම රටක් අපිට ආයේ ණයක් දෙන්නෙ නැහැ. IMF එක තමයි අපිව මුදව ගන්න ඇවිල්ල තියෙන්නෙ. IMF නැත්තම් රට ඉදිරියට යන්නෙ නැහැ. ඒ ඉදිරියට යන්නෙ නැති තැනට පත් කළේ මහ බැංකු අධිපතිතුමා රට බංකොළොත් කියපු හින්දා. IMF දාපු නීති රීති වලට අපේ රටේ ආණ්ඩු කිසි දේකට ඒක කරන්න බැරි වුණා.
අපි රජයට කියන්නේ එහෙම නෙමෙයි. ලෝකේ හැම රටක්ම සංවර්ධනය වෙන්නනම් ඉන්ඩ්‍රස්ටියල් ඉකොනොමි එකට එන්න. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාවසායකයෝ කියන්නේ ආර්ථිකය සංවර්ධනය කරන්න වැලියු ඇඩඩ් එකක් තමයි. ණයක් අරගෙන ණය වැඩකට නැති දේකට වියදම් කරනවා කියන එක නෙමෙයි. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාවසායකයින්ට මොනාද දෙන්නේ? යන්නේ කියන එක රජයෙන් අපිට කියන්න.
ටැක්සස් අනිසි ලෙස වැඩි කළෝතින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයෙකුට රැකෙන්න බැහැ. ලෝකේ අනිත් රටවල්වල වගේ ටැක්සස් වයිඩ් කරන්න. හැමතැනකම ටැක්ස් එකක් වදින්න ඕනේ. හැමවෙලාවෙම රජය කරන්නේ, කරන්නම් කරන්නම් කියලා මිනිස්සු මුලාකරන එක. මේ වෙලාවෙ ව්‍යවසායකයෝ වැටිලා ඉන්නේ අන්ත අසරණ තත්වයක. අප්‍රේල් මාසේ නම් මේ මිනිස්සුන්ට ගොඩ එන්න රජයෙන් මුදල් අවශ්‍ය වෙනවා අනිවාර්යයෙන්ම.
අපි රජයට කියනවා අපෙන් වෙන්න ඕනේ මොනවද කියලා අහන්න. IMF එකෙන් තව නීතියක් දාලා තියෙනවා ඉම්පෝට් එක ලිහිල් කරන්න කියලා. මේ වෙලාවේ ඉම්පෝර්ට් එක ලිහිල් කරෝතින් කන්ට්‍රෝල් එකක් නැතුව අපේ දේශීය නිශ්පාදන කරුවට මොකද වෙන්නේ. ඩොලර් එක බැස්සයින් පස්සේ අපිට කොච්චර පාඩුවක්ද මේ මාස 3ට. ඒ වෙනස අපි වහගන්නෙ කොහොමද?
මං කියන්න කැමතියි අපි ව්‍යාපාරිකයෝ නෙමෙයි, අපි ව්‍යවසායකයෝ. තමන්ගේ දේපළ උගස් කරලා රටට බරක් නොවී ජීවත් වෙන්න රටේ දළ දේශීය නිෂ්පාදනය 52%ක් වෙන්න උදව් කරපු කොටසක්. විපක්ශ නායකතුමා අපේ නම හැන්සාඩ් ගත කිරීම අපි ඇත්තටම ගෞරවයක් හැටියට සළකනවා. එතුමා තනි මතයක් උඩ කතා කිරීමක් මිසක අපි කිසිම ඩීල් දැමීමක් නැත කියන එක මම අනිවාර්යයෙන්ම කියනවා. අපි කිසිම දේශපාලන පක්ෂයකට කඩේ යන ව්‍යවසායකයෝ නෙමෙයි."
0 Comments