Indian-social-media-is-on-fire-because-of-an-abuser-who-raped-a-female-dog

නවදිල්ලියේ ඉන්දර් පූරි හි ගොඩනැගිලි තුළ පුද්ගලයෙකු සුනඛයෙකු දූෂණය කරන ආකාරය දැක්වෙන කම්පන සහගත වීඩියෝවක් එරට සමාජ මාධ්‍යවල පැතිර ගොස් තිබේ. මෙම කම්පන සහගත දර්ශන සත්ත්ව හිංසාව පිළිබඳ වැරදි පෙන්වාදෙමින්
එම ක්‍රියාව හෙළා දකිමින් සතුන්ට ආදරය කරන්නන් රැසක් අන්තර්ජාලය හරහා එයට විරෝධය දක්වා ඇත.

ගැහැණු සුනඛයෙකු සමඟ අස්වාභාවික ලිංගික ක්‍රියාවල යෙදෙන වීඩියෝවේ සිටින පුද්ගලයා මාස ගණනාවක් තිස්සේ සත්වයා දූෂණය කර ඇති බව වාර්තා කර තිබෙන අතර දිල්ලි අගනුවර පදිංචි සතිෂ් ලෙස හඳුනාගෙන ඇත.
සමාජ මාධ්‍ය පෙළ සතිෂ්ගේ පදිංචි ලිපිනය සහිත වීඩියෝවට ශීර්ෂ පාඨයක් ඇතුළත් කර ඇති අතර ඔහුගේ මවගේ කම්පන සහගත වචන ද උපුටා දක්වා ඇත.


"නාරායිනා-දිල්ලියේ B-බ්ලොක් නිවස අංක 733 හි ඉන්දර්පූරි හි සතිෂ් නම් පිරිමියෙක් ගැහැණු බල්ලෙකු දූෂණය කිරීමේ නින්දිත ක්‍රියාවක් කළේය" ට්විටර් සටහනක දැක්විණි.
එම විස්තරයෙන් චෝදනා කළේ එම පුද්ගලයාගේ මව ඔහුව හෙළා දැක ඇති බවත් ළමා අපයෝජන වැරදි වලට සම්බන්ධ අයකු බව පෙන්වා දුන් බවයි.
අසල්වාසීන් වීඩියෝව ගැන පොලිසියට පැමිණිලි කළ විට ඔවුන් පැමිණ, මෙම වීඩියෝව ප්‍රසිද්ධියේ බෙදා නොගන්නා ලෙස අවවාද කර ඇත . කෙසේ වෙතත් පොලිසිය මීට නිසි ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත.

 සත්ව අයිතිවාසිකම්  සංවිදාන සෙනසුරාදා ඉන්දර් පූරි පොලිස් ස්ථානයට රැස්වී ගැහැණු සුනඛයාට යුක්තිය පතා එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට බල කරමින් විරෝධයක් දක්වා ඇත.
සුනඛයෙකු දූෂණය කිරීමේ සිදුවීම් දිල්ලියට අලුත් දෙයක් නොවේ. මීට දින කිහිපයකට පෙර මෙවැනිම සිද්ධියක් හරී නගර් ප්‍රදේශයෙන් වාර්තා වූ අතර එහිදී පුද්ගලයෙකු ප්‍රසිද්ධ උද්‍යානයක අයාලේ යන බල්ලෙකු සමඟ ලිංගිකව හැසිරෙන ආකාරය කැමරාවට හසු විය. වීඩියෝව පැතිරයාමත් සමඟ සත්ව ක්‍රියාකාරීන් මෙම බිහිසුණු ක්‍රියාවට එරෙහිව හඬ නැගීමෙන් පසුව, දිල්ලි පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.