The-police-minister-seeks-information-about-the-polices-false-drug-case

ඇතැම් පොලිස් ස්ථානවල මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අසත්‍ය වාර්තා කර ඇතැයි කියන සිද්ධීන් පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු විමසන්නට මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් මහතා විශේෂයෙන් සොයා බලා ඇති බව වාර්තාවේ.‍
 අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පසුගියදා මේ සම්බන්ධ අනාවරණයක් කළ අතර ඔහුගෙන් තොරතුරු ලබාගන්නට අමාත්‍ය ටිරාන් අලස් උනන්දුවී තිබේ.


ඇතැම් පොලිස් ස්ථාන මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීමේ නීති උල්ලංඝණය කරන බව පවසමින් විජේදාස රාජපක්ෂ පසුගිය සතියේ ප්‍රකාශ කළේ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ වාර්තාවලින් ඒවා ඔප්පු වී ඇති බව බවසමිනි.
මේ සම්බන්ධයෙන් ඇමති අලස් කියා සිටියේ පොලිස් දෙපාර්තමේන්තුව තුළ අදාළ පරීක්ෂණ සිදු කිරීම කාගේ විෂය පථයටද පැමිණෙන්නේද යන්න පිළිබඳව සවිස්තරාත්මක තොරතුරු තමාට ලබාදෙන ලෙස තමන් රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටි බවයි. “එයා මට කතා කරලා කිව්වා මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා කියලා. පස්සේ මම එයාගෙන් ඔක්කොම විස්තර ඇහුවා. ආයෙත් මට කතා කරලා ඒ විස්තර එවන්නම් කිව්වා අද වෙනකම් මට ඒවා ලැබිලා නැහැ.“ ඇමතිවරයා පුවත්පතකට පවසා තිබේ.



ඇතැම් පොලිස් ස්ථානවල මත්ද්‍රව්‍ය වෙනත් විවිධ ද්‍රව්‍ය සමඟ මිශ්‍ර කර එහි බර වැඩි කිරීමේ සිද්ධීන් මීට පෙර පෙන්වා දුන් විජේදාස රාජපක්ෂ ඇමතිවරයා පසුගිය සතියේ මෙසේ පැවසීය: “සාම්පල එකකට හෝ දෙකකට මෙය සිදු වූ විට, එය අපට අත්වැරැද්දක් ලෙස සැලකිය හැකිය.කෙසේ වෙතත්, වසරක් තුළ පරීක්ෂණ සඳහා යවන ලද සාම්පල 20, 30, 35 වැනි ප්‍රමාණයක් භයානක මත්ද්‍රව්‍ය නොවන බව පෙනී යන ඇතැම් පොලිස් ස්ථාන තිබේ. ඒවායින් සමහරක් මත්ද්‍රව්‍ය නොවේ, නමුත් වෙනත් විවිධ ද්‍රව්‍ය. මෙවැනි සිද්ධීන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට අමාත්‍යාංශය බලාපොරොත්තු වන බවත්, ඇප ලබාදීමට සහ වැරදි ලෙස රක්ෂිත බන්ධනාගාරගතව සිටින පුද්ගලයින්ට සහය වීමට අදාළ නීති සංශෝධනය කිරීමට ද සලකා බලමින් සිටින බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
ඔහු පොලිස්පති චන්දන ඩී වික්‍රමරත්න වෙත ලිඛිතව ද දන්වා ඇති බවත් එවැනි සිදුවීම් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටියේය.