air-pollution-chokes-thailand-2-lakh-people-hospitalised-in-past-week

පසුගිය සතිය තුළ තායිලන්තයේ අගනුවර වන බැංකොක් නුවර වායු දූෂණය හේතුවෙන් රෝහල් වෙත පුද්ගලයින් ලක්ෂ 2ක් ඇතුළත් කර තිබෙන බව විදෙස් වාර්තා සඳහන් කරයි.  වැඩිදෙනෙකුට හුස්ම ගැනීමේ අපහසුතා ඇති විය. මෙම සංචාරක ගමනාන්තය තුළ, කර්මාන්ත, වාහන සහ කුඹුරුවල පිළිස්සීම් ඇති කරන දුමාරයෙන් ජනතාව අපහසුතාවයට පත්ව ඇති බව පරිසරවේදීන් පෙන්වා දී ඇත.

මහජන සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව වායු දූෂණ හේතුවෙන් මාස තුනක් තුළ මිලියන 1.3 ක ජනතාවක් රෝගාතුර විය. මෙයින් පුද්ගලයන් ලක්ෂ 2ක් පසුගිය සතිය තුළ රෝහල් ගත කර ඇත. මේ අතර, සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ N-95 මුහුණු ආවරණ පැළඳිය යුතු බවයි.

මේ අතර ළමයින්ට සහ කාන්තාවන්ට නිවෙස්වලින් පිටතට නොයන ලෙසට උපදෙස් දී තිබේ.

ළමයින් ගැන විශේෂ සැලකිල්ලක් දක්වා දැඩි සීමා පැනවිය හැකි බවද දන්වා ඇත.
වායු දූෂණය වීමේ අවදානම කෙතරම් ඉහළ යමින් තිබේද යත් ජනවාරි මාසයේ සිට නිවසේ සිට වැඩ කරන ලෙස බැංකොක් බලධාරීන් ජනතාවට උපදෙස් දී තිබුණි. AFP පුවත් ඒජන්සියට අනුව වාහනවලින් පිටවන දුමාරය නිරීක්ෂණය කිරීම සඳහා මුරපොලවල් යොදවා ඇත.
පාසල්වල ‘දූවිලි රහිත කාමර ’ හදා ඇති අතර මේවායේ වායු පවිත්‍රකාරක සවි කර ඇත. මේ වන විට පාසල් වසා දමා නැතත් අවදානම පහව ගොස් නැතැයි නිලධාරීහු පවසති. ඉදිරි කාලවලදී මිනිසුන් නිවෙස් තුළ තබා ගැනීම සඳහා දැඩි සීමා පැනවීමට සිදුවනු ඇතැයි අනතුරු අඟවා තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව, බැංකොක් වාතයේ PM2.5 අංශු (දූෂණය ඇති කරන ඉතා සියුම් අංශු) ප්‍රමාණය ඉතා ඉහළ ය. මෙම අංශු රුධිරයට මිශ්‍ර වන අතර එමඟින් රෝග ඇතිවීමේ අවදානම වැඩිවේ. මේවා නිසා අකල් මරණ ද සිදුවිය හැක. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, PM 2.5 වාතයේ ඝන මීටරයකට මයික්‍රෝ ග්‍රෑම් 5 කට වඩා වැඩි නොවිය යුතුය, දැනට තායිලන්තයේ අංශු ද්‍රව්‍ය ප්‍රමාණය ඊට අඩු නමුත් එය භයානක ය.