It-has-not-been-possible-to-sell-even-40-of-the-products-produced-for-the-year

අලුත් අවුරුදු සමය මුල් කර ගනිමින් නිෂ්පාදනය කළ භාණ්ඩවලින් 40%ක්වත් තවමත් අලෙවි කර ගැනීමට නොහැකි වී තිබෙන බව සමස්ත ලංකා කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ සංගමය සඳහන්  කරයි. නිමි ඇඳුම්, ප්ලාස්ටික් හා ඇලුමිනියම් භාණ්ඩ, රතිඤ්ඤා, මැටි භාණ්ඩ, පොලිතින් ගෘහ උපකරණ පසුගිය දෙසැම්බර් මාසයේ පැවති  උත්සව සමයට සාපේක්‍ෂව 50%ත් 60%ත් අතර ප්‍රමාණයක් අඩුවෙන් මෙවර නිෂ්පාදන කිරීමට කර්මාන්තකරුවන් කටයුතු කර තිබෙන බවද එම සංගමයේ සභාපති නිරුක්‍ෂ කුමාර මහතා පැවසීය.

භාණ්ඩ අඩුවත් නිෂ්පාදනය කර තිබියදී එම භාණ්ඩවලින් 40%ක්වත් තවමත් අලෙවි කර ගැනීමට නොහැකි වී තිබෙන උත්සව සමය වෙනුවෙන් භාණ්ඩ තොග පිටත ප්‍රදේශවලට මේ වනවිට රැගෙන ගොස් අවසන් වෙමින් තිබෙන බවද ඒ මහතා පවසා සිටියේය.

පවතින තත්ත්වය තුළ පමුණුව හා මහරගම ආශ්‍රිතව පදිකවේදිකාව මූලික කර ගනිමින් සිදු වූ තොග වෙළෙඳාම් කටයුතු මේ වනවිට සම්පූර්ණයෙන්ම අඩපණ වී තිබෙන බවත්, අමුද්‍රව්‍ය මිල ඉහළ යාම, විදුලි බිල ඉහළ යාම නිසා භාණ්ඩ මිලත් විශාල ලෙස ඉහළ ගොස් තිබෙන බවත් සභාපතිවරයා සඳහන් කළ්ය.

නිමි ඇඳුම් ඇතුළු අනෙකුත් භාණ්ඩ මිල ජනතාවට දරාගත නොහැකි මට්ටමක පවතින බවත්, මේ නිසා  අමුද්‍රව්‍ය මත යොදා තිබෙන අධික බදු ප්‍රමාණයන් හා වි ඩි බිවූ යම් වයින් අඩු කර කර්මාන්තකරුවන්ට යම් සහන ලබාදිය යුතු බවත් හෙතෙම පවසා සිටියේය.  පිටකොටුව, මහරගම, පමුණුව, නුගේගොඩ ආශ්‍රිතව සිදුවන නිමි ඇඳුම් තොග වෙළෙඳාම සම්පූර්ණයයන් අඩපණ වී තිබෙන බවත්, මහා පරිමාණ ව්‍යාපාරිකයන්ගෙන් සැලකිය යුතු පිරිසක් මේ වනවිට පදිකවේදිකාවේ භාණ්ඩ අලෙවි කරමින් තිබෙන බවත් සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

 ඉන්දික හේවාවිතාරණ