two-oscars-for-india

ඊයේ රාත්‍රී ඇමරිකාවේ ලොස් ඇන්ජලීස්හිදී අවසන්වූ 2023 ඔස්කාර් සම්මාන උළෙලේදී හොඳම මුල් ගීතයට හිමි සම්මානය RRR තෙළිඟු     චිත්‍රපටයේ  නාටු නාටු ('Natu Natu') දිනාගත් අතර Kartiki Gonsalves සහ Guneet Monga විසින් රචනා කරන ලද 'The Elephant Whisperers' වාර්තා චිත්‍රපට කාණ්ඩයෙන් ගෞරවනීය සම්මානය හිමි වී තිබේ.
ඉන්දියාවේ ඔස්කාර් සම්මානලාභීන් දෙදෙනාට සුබ පැතීමට අගමැති නරේන්ද්‍ර මෝදි ක්‍රියා කළේය.
කලකට පසු ආසියානු කලාපයට සම්මාන ගෙන ආ මෙවර සම්මාන උළෙලේ හොඳම නිළිය ලෙස සම්මාන දිනාගත්තේ මැලේසියානු ජාතික නිළියක වන මිෂෙල් යෙඕය. "Everything Everywhere All at Once"  රංගනය වෙනුවෙන් හොඳම නිළිය සඳහා ඔස්කාර් සම්මානය දිනාගත් ඇය එම සම්මානය දිනූ පළමු ආසියානු කාන්තාව බවට පත්විය.
මිලියන 125 ක් නැරඹූ නාටු නාටු ගීතය පහතින්