A-Chinese-city-shuts-down-due-to-an-outbreak-of-influenza

මේ දිනවල කොරෝනා රෝගයටත් වඩා දරුණු ලෙස පැතිරෙන ඉන්ෆ්ලුවෙන්සා රෝගී තත්වයන් හේතුවෙන් චීනයේ ප්‍රකට සංචාරක නගරයක් වන  ෂැන්සි පළාතේ ෂියාන් නගරය අගුළු දමා ඇතැයි සීඑන්එන් ඇතුළු විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මෙය ‘කුරුළු ඉන්ෆ්ලුවෙන්සා‘ ද වෙනත් දෙයක්ද යන්න චීනය සුපුරුදු පරිදි සඟවා ඇති නමුත්  A(H5N6) කුරුළු ඉන්ෆ්ලුවෙන්සා අවදානමක් ගැන කථාබහක් මතුව ඇත.
වැඩි විස්තර නොකියා ඉන්ෆ්ලුවෙන්සා පැතිරීමකදී අගුලු දැමීම් සිදුවීම ගැන සමාජ මාධ්‍යවල විවිධ කථිකාවන් නිර්මාණය වී තිබේ.
සුප්‍රසිද්ධ ටෙරාකොටා රණශූරයන්ගේ නිවහන වන ෂැන්සි පළාතේ සංචාරක උණුසුම් ස්ථානයක් වන ෂියාන් නගරය මෙම හදිසි තීරණය ලබාගැනීම නිසා අවට ප්‍රදේශ තුළ සැකසංකා මෝදුවී ඇතැයිද වාර්තාවේ සඳහන්ය.


 පාසල්, ව්‍යාපාර සහ “අනෙකුත් ජනාකීර්ණ ස්ථාන” දැඩි ලෙස වසා දමා ඇති බවත් හෙම්බිරිස්සා උණ වසංගත තත්වයක් බැවින් වහාම අවශ්‍ය ප්‍රතිකාර ගන්නට දන්වා ඇතැයිද සඳහන්වේ.
මෑතකදී අතහැර දමා ඇති දැඩි ශුන්‍ය-කොවිඩ් ක්‍රියාමාර්ග හා සසැඳීමේදී මෙම තත්වයන් අපහසුතා මතුකර ඇති බව චීනයේ සමාජ මාධ්‍ය තුළ විවේචන පැනනැගී ඇත.
“භීතියක් ඇති කරනවාට වඩා විසඳුමක් දෙන්න ..මහජනතාවට එන්නත් කරන්න,” එක් පරිශීලකයෙක් චීනයේ Twitter වලට සමාන Weibo හි ලිවීය.
කෙසේ වෙතත් චීන බලධාරීන් සුපුරුදු පරිදි රෝග තත්වයන් ලෝකයෙන් වසන් කර ඇති අතර
"රෝගය පැහැදිලි නොකර ජාතික මට්ටමේ පැහැදිලි උපදෙස් නොමැතිව වැඩ සහ ව්‍යාපාර කටයුතු අත්හිටුවීම විහිළුවක් බවත් මින් මිනිසුන් කලබල නොවන්නේ කෙසේද?" යනුවෙන් තවත් අයෙකු සමාජ මාධ්‍ය තුළ විවේචන ඇති කර තිබේ.

චීනයේ කොවිඩ් රෝගීන් අඩුවෙමින් පවතින අතර, රට පුරා උණ රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන අතර සමහර ඔසුසැල් උණ ප්‍රතිකාර සඳහා ඇති ඉල්ලුම සපුරාලීමට නොහැකිව අරගල කරමින් සිටින බව සීඑන්එන් වාර්තාවක දැක්වේ.

චීන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සෞඛ්‍ය ආරක්ෂණ මධ්‍යස්ථානය (CHP) මෑතකදී නිවේදනය කළේ කුරුළු ඉන්ෆ්ලුවෙන්සා A(H5N6)  ගැන සමීපව නිරීක්ෂණය කරන බවයි.  හුනාන් හි චැංෂා හි ජීවත් වන 54 හැවිරිදි පුද්ගලයෙකුට 2023 ජනවාරි 5 වනදා මෙම රෝග ලක්ෂණ මතු විය.
 ඉන්ෆ්ලුවෙන්සා වසංගතය සඳහා රජයේ අනතුරු ඇඟවීම සක්‍රිය කරන්නට වූයේ ඒ සමගයි.
2014 සිට 2023 ජනවාරි 6 දක්වා කුරුළු ඉන්ෆ්ලුවෙන්සා A(H5N6) රෝගීන් 82ක් චීනය වාර්තා කර ඇත.

A-Chinese-city-shuts-down-due-to-an-outbreak-of-influenza