ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90ක කාලයකට රැඳවුම් නියෝග ලබා ගත් රවිදු සංඛ ද සිල්වා නොහොත් බූරු මූණා පසුගියදා (21) ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබු අවස්ථාවේ ගංගොඩවිල ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ජයසිංහ හමුවේ ඔහුගේ නීතීඥයින් දන්වා තිබුනේ ඔහු මානසික රෝගයකට ප්‍රතිකාර ගන්නා බවත් ඒ ඖෂධ නොතඩනවා අවශ්‍ය බැවින් යමක් කරන ලෙසයි.
ඒ අනුව ඒ ගැන පොලිසියට ක්‍රියාකරන ලෙස අධිකරණය දන්වා තිබුනි.
ඊයේ (22) දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ මානසික වෛද්‍යවරියක් හමුවට ඉදිරිපත් කරනු ලැබූ අතර එහිදී ඔහු පවසා ඇත්තේ තමන්ට දිගටම නින්ද නොයන අසනීපයක් ඇති බවත් ඒ සදහා ගන්නා බෙහෙත් අලුත් කරගත යුතු බවත්ය.
එහිදී බූරුමූණා ප්‍රකාශ කරනරෝගතත්ව විශෛ්සිත එකක් වූ බැවින් වෛද්‍යවරිය ඔහුගේ වැඩිදුර පරීක්ෂාවක් කළ යුතු යයි යෝජනා කර තිබේ. ඒ අනුව බූරු මුණා, අද (23) අංගොඩ ජාතික මානසික විද්‍යායතනය වෙත යොමු කෙරෙන බව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය සඳහන් කළේය.
ඔහුට මානසික රෝග සඳහා ප්‍රතිකාර අවශ්‍යදැයි වැඩිදුර සොයා බැලීමක් මෙහිදී සිදුවන බව පොලිසිය පැවසීය.
0 Comments