bulathsinhala-incident

පවුල් ආරවුලක් ඇතිවූ බව කියමින් මාස කීපයක් නිවසේ නතරවන්නට පැමිණි 35 හැවිරිදි මිතුරා 15 හැවිරිදි පාසල් සිසුවියක වූ තම දියණිය අපයෝජනය කර ඇති බවට බුලත්සිංහල අමරගෙදර ප්‍රදේශයේ පදිංචි පියෙකු කළ පැමිණිල්ලකට අනුව එම සැකකරු පෙරේදා (26දා) අත්අඩංගුවට ගත් බව බුලත්සිංහල පොලීසිය පවසයි. බුලත්සිංහල කැකිරිහේන ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකු මෙසේ අත්අඩගුවට පත්ව ඇත.



තමා කම්කරු රැකියාවේ නියුතු පුද්ගලයෙකු බවත් තම බිරිඳ විදේශ රටක රැකියාවකට ගොස් ඇති අතර දරුවන් දෙදෙනෙකු සමගින් තමා අමරගෙදර ප්‍රදේශයේ නිවසේ පදිංචිව සිටින බවත් ඒ අතරතුර තමා සමග කම්කරු රැකියාවේ නියුතු තම මිතුරා පවුල සමග ආරවුලක් ඇති කරගෙන මාස කීපයක් තම නිවසේ නවාතැන් ගැනීමට පැමිණ ඇති බව පැමිණිලිකරු පොලීසියට පවසා තිබේ. ඒ අතර තමත් නිවසේ නැති අවස්ථාවක් බලා තම වැඩිමහල් දියණිය වූ 15 හැවිරිදි පාසල් සිසුවිය වරදට පොලඹවාගෙන ඇති බවට අදාළ පැමිණිල්ලේ වැඩිදුරටත් සදහන් වන බව පොලීසිය පවසයි.

සුමති කුඩලිගම