
ඉන්ධන මිල සංශෝධනයත් සමග හෙට (30) මධ්‍යම රාත්‍රියේ සිට අවම බස් ගාස්තුව රුපියල් 30 දක්වා පහළ දමන බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව සෙසු බස් ගාස්තු සංශෝධනය වන ආකාරය සම්බන්ධයෙන් හෙට දිනයේ දැනුම් දීමට නියමිතයි.
ඉන්ධන මිල අඩුකිරිමට සාපේක්ෂව ත්‍රි රෝද රථ ගාස්තුද අඩු කිරීමට සම්ස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ සංගමය තීරණය කර තිබේ. මේ අනුව පළමු කිලෝමීටරය වෙනුවෙන් අයකරන ගාස්තුව රුපියල් 100ක් දක්වාත් දෙවැනි කිලෝමීටරයේ සිට අයකරන ගාස්තුව රුපියල් 80ක් දක්වාත් අඩුකරනු ඇත.
මීට පෙර පළමු කිලෝමීටරයට රුපියල් 120ක් හා දෙවැනි කිලෝමීටරයේ සිට රුපියල් 80ක ගාස්තුවක් අයකෙරිණ.
Comments
Post a Comment
Your comment will be visible after approval