ceypetco-sold

චීනයේ සිනොපෙක්,  ඕස්ට්‍රේලියාවේ  යුනයිටඩ් පෙට්රෝලියම් සහ ඇමරිකාවේ RM පාර්ක්ස් සමාගමට  ඉන්ධන ආනයන අවසරය , ගබඩා කිරීම , බෙදාහැරීම හා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් සිල්ලර විකිණීමේ පිරවුම් හල් ලබාදුන් බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර දන්වා තිබේ.
මේ සදහා කැබිනට් අනුමැතිය අද (26) ලද බවද ඔහු දන්වා සිටී.

ඒ අනුව ඉන්ධන පිරවුම් හල් 150 බැගින් ඉන්ධන පිරවුම්හල් 450 ක අයිතිය චීන ඕස්ට්‍රේ‍ලියානු හා ඇමරිකානු සමාගම් වෙත පැවරේ.
මේ දක්වා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අලෙවි නියෝජිතයින් හරහා මෙහෙයවනු ලබන පිරවුම්හල් 450 ක් නව සමාගම්වලට වෙන් කෙරෙන අතර ඊට අමතරව සෑම සමාගමක් විසින්ම නව ඉන්ධන පිරවුම්හල් 50ක් ස්ථාපිත කරනු ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
එම සමාගම් තුනට පිරවුම්හල් පාලනයට අමතරව ඛනිජ තෙල් නිෂ්පාදන මෙරටට ආනයනය කිරීමට, ගබඩා කිරීමට, බෙදා හැරීමට සහ අලෙවි කිරීමට වසර 20ක් ක්‍රියාත්මක වන පරිදි අනුමැතිය හිමිවනු ඇති බවද අමාත්‍යවරයා දන්වා ඇත.


 ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෞද්ගලීකරණය කිරීමට එරෙහිව ඛනිජ තෙල් සේවකයින් අද උපවාසයක් ආරම්භ කර තිබෙන අතර පොදුජන ප්‍රගතිශීලී සේවක සංගමයේ සභාපති  බන්දුල සමන් කුමාර පවසන්නේ දැවැන්ත ලාභයක් වාර්තාවන මොහොතක විදෙස් සමාගම් වලට ලබාදීම අසාධාරණ බවයි.
ඇමතිවරයාගේ ට්විටර් පණිවිඩය පහතින්