chameera-perera-speaks

එක්සත් පුරවැසි සන්ධානයේ කැඳවුම්කරු චමීර පෙරේරා  මහතා මාධ්‍ය හමුවේ මෙසේ පැවසීය.

"ණය චක්කරේ හිර කරලා මේ රටේ ජනතාව තව තවත් සුන්නද්දූලී කරමින් ඉන්නෙ. 13,14,15 කියන්නෙ ඉතාමත් තීරණාත්මක දින කිහිපයක්. රාජපක්ෂ වික්‍රමසිංහ අලි පොහොට්ටු ජුන්ටාව, මේ නරිලා තමන්ගෙ වැඩ පෙන්වමින් ඉන්නවා. මේ අධම පාලකයා මේ රටේ සියළු මරමස්ථාන තමන්ගේ අතට අරගෙන තමන්ගේ යකඩ සපත්තුවෙන් පාගලා ඒවා බුල්ඩෝසර් කරමින් ඉන්නේ.

අපි ඉවසන් හිටියොත් අපි ඔළුව පහත් කරන් හිටියොත් අපිව කකුල් දෙකෙන් මුං එල්ලන්නේ. ජනතාව තීරණය කරන්න ඕන අපේ පැවැත්ම වෙනුවෙන් අපි එක්ව සටන්කරනවද? රාජපක්ෂ වික්‍රමසිංහ අලි පොහොට්ටු ජුන්ටාවේ පැවැත්ම උදෙසා මේ රටේ සියළු ජනතාවගේ රීරී මාංසය උරා කමින් ඉන්නේ. මේ වෙද්දි ලක්ෂ 5කට රස්සා නැතිවෙලා තියෙන්නෙ. අපේ පැවැත්ම තීරණය කරනවාද නැද්ද කියන එක තීරණය කරන්න.



නරිලයි, රාජපක්ෂ වික්‍රමසිංහ අලි පොහොට්ටු ජුන්ටාවයි, IMF එකයි එකතු වෙලා අපිව ණය උගුලෙ ගැට ගහන්න හදන්නේ. මේ 17 වෙනි වතාවට අපිව IMF එකේ හිර කරලා, ණය ගෙවන්නේ අපි. උං නෙමෙයි. පසුගිය 16 වතාවක් IMF එකට ගිහිල්ල මේ රටේ ජනතාව ලබා ගත්තු කෙංගෙඩිය මොකක්ද කියලා මේ රටේ ජනතාව හිතන්න ඕනේ. මේ ලැබෙන මේ ඩොලර් බිලියන 2.9ත් මුං හොරකම් කරන්න ලැස්ති වෙනවා.  

මැතිවරණ කොමිසන් සභාව දැන් දණ ගස්සලා තියෙන්නෙ. දැන් අධිකරණය දණ ගස්සන්න යන්නේ. මානව හිමිකම් කොමිෂන් සභාව දණ ගස්සලා තියෙන්නේ. පොලිසියභාර ඇමතියා කියනවා මම එන්නෙ නෑ මානව හිමිකම් කොමිෂන් සභාවට කියලා.

ගෝඨාභයගේ සෙකන්ඩ් එපිසෝඩ් එක මේ පෙන්වමින් ඉන්නේ. අර අජන්තා රොද්‍රිගෝලා දම්මලා ගස්සන්නේ. ඇවෙන්ගාඩ් එකේ මැරයෝ. පැරා මිලිටරි ෆෝස් දම්මලා ගස්සන්නේ. හමුදාව කියනවා, පොලිසිය කියනව අපි දන්නේ නැහැ. වෙන විකල්පයක් නැ එක්ව සටන් කරනවා හැරෙන්න."