chamika-sirimanne-speaks

ජනප්‍රිය ගායන ශිල්පී චාමික සිරිමාන්න මහතා පැවැති සභාවක් අමතා මෙසේ පැවසීය.

"මම 2015 වෙනකම් මහින්ද රාජපක්ෂට ඡන්දෙ දීපු කෙනෙක්. අංශක 180 ක්ම අනිත් පැත්ත හැරුනා. අද අපේ රට මේ පත්වෙලා තියෙන තැනට එන්න මගේ ඡන්දයත් පාවිච්චි වෙලා තියෙනවා. ඒ වැරැද්ද නිවැරදි කරගන්න තමයි මං මේ උත්සහ ගන්නේ.



අනුර කුමාරදිසානායක සහෝදරයා කතා කරන වෙලාවෙදි ලංකාවේ ජනාධිපතිගේ පුතාලට තියෙන සපත්තුවල ගණං මේන්න මෙච්චරක් කියලා, බෙල්ට් එකේ ගාණ මෙච්චරක්, ඒ ගොල්ලෝ කොහොමද මේවා ගන්නේ? ඒ ගොල්ලන්ට ලැබෙන පඩියට අනුව සපත්තු සහ බෙල්ට් අරන් දෙන්න වත්කමක් තියෙනවද? ඒ ගොල්ලො මොකුත් ව්‍යාපාරයක් කරලත් නෑ. අන්න එතන තමයි මට වැදුණු තැන.

එක්කෙනෙක් කොමෙන්ට් වලට මගෙන් අහලා තිබුණා 87, 89 ය ගැන ඔයා මොනවද දන්නේ කියලා. මම දැක්කා ඇත්තටම. මට අවුරුදු 8ක් 9ක් එතකොට. සමහර තැන්වල වෙඩි තියෙනවා දැක්කා.

මගේ ඉස්කෝලෙ ඉස්සරහා කළපුව ඉස්සරහා මිනී පාවෙනවා, අපිට ඉස්කෝලේ ඉගෙන ගන්න බෑ. හැබැයි ඒ වෙලාවේ අපේ ඔළුවට ආවේ ආ.. මේ.. ජීවීපී කාරයෝ තමයි මේ කරන්නේ. ගෙදරින් අපිට දාන්නෙත් ඒක.  

මං හිතුවා, හොයලා බැලුවා, ඇයි ජනතා විමුක්ති පෙරමුණට තනිකර බැලැක් මාර්ක් එකක් වැදිලා තියෙන්නේ. මිනිස්සු මෙච්චර බණින්නේ ඇයි? මමම ඒගොල්ලන්ගෙම දෙවල් වලින් හැදෑරීම් කලේ. මොකද මම කවදාවත් ඒ ගොල්ලො කියන ඒවා මම අහලා තිබුණේ නෑ.
මම ටිකක් සුද්ධ සිංහලෙන් කතා කරන්නේ."