chandrika-speaks

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සාකච්චා වැඩසටහනකට එක්වෙමින් මෙසේ පැවසුවාය.

"ශ්‍රී ලංකාවේ ප්‍රජාත්‍රන්තවාදය ක්‍රියාත්මක වෙන්නෙ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන රාමුව හරි ආකාරව ක්‍රියාත්මක වෙන්න ඕන. පාර්ලිමේන්තුව දූෂණයෙන් පිරිලා. අරගලයේ තරුණ කට්ටිය 225ම පන්නන්න ඕන කිව්වෙ ඒකයි.හොඳ අයත් එතන ඉන්න අය අමතක කරලා. රාජ්‍ය පරිපාලන සේවය ගන්න දෙයක් නැහැ, උඩ ඉඳන් පල්ළෙහාට කුණු වෙලා. සමහර රාජ්‍ය නායකයෝ ඉඳළා තියෙනවා හොරකම් කරපල්ලා ඕන තරමක් හැබැයි අහු වෙන්න එපා කියලා.

අද ලෝකේ දූෂිතම පොලීසිය ලංකාව හඳුන්වලා ඉවරයි, ට්‍රාන්ස්පේරන්ට් ඉන්ටනැෂනල් එකේ. අධිකරණයට ඇඟිලි ගහලා දේෂපාලන තීන්දු ගත්ත යුගයන් අපි දන්නවා. අපේ රටේ ප්‍රජාත්‍රන්තවාදී පදනම සුනු විසුනු කරලා තියෙන්නේ.

ආර්ථිකය බංකොලොත් කියලා එනවුන්ස් කරලා තියෙනවා. මම නම් කියන්නේ 1000%ක් තිබුණු රජයන් වල දූෂණය හන්දා. අපේ ෆේල් ස්ටේට් එකක්. හැබැයි අපිට නිදහස ලැබුණු වෙලාවේ ලෝකයේ දුප්පත්ම සංවර්ධනය වෙමින් පවතින රටවල් 150කින් විතර හොඳම රටවල් 5 අතර එකක් අපි. එක්සත් ජාන්තීන්ගේ සංවිධානයෙනුත් කිව්වා තුන්වෙනි ලෝකෙ රටවල් වලින් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය හොඳින්ම ක්‍රියාත්මක වෙන්නෙ ලංකාවෙයි ඉන්දියාවෙයි කියලා. දැන් ඒවයේ කෑලිවත් නැහැ.



අරගලයේ මුල් හරියයි ත්‍රස්තවාදී හරියයි මං  වෙන් කරනවා. අරගලයේ මුල් හරියෙ වැදගත් වටිනා පරමාර්ථ තිබුණා. මම එකක් ඉතාමත් ඕනෑකමින් කියනවා, කිසිම දේශපාලන පක්ෂ වලට කරගන්න බැරි වෙච්ච දෙයක්, දූෂිත දේශපාලකයෙක් පන්න ගත්තා. ඉතාමත් හොඳයි. නමුත් ඊට පස්සේ මොකක්ද කරන්නෙ කියලා හිතලා තිබුන් නෑ.

සමහරු කෑ ගහනවා, දූෂණයට විරුද්ධව ලොකුවට කියවනවා. හැබැයි මට එක්කෙනෙක්ගෙන්වත් ඇහිලා නෑ දූෂණය නවත්තන්නෙ කොහොමද කියලා, ඒ ගොල්ලො බලය ගත්තහම. ආණ්ඩුවෙන් දැන් දූෂණ විරෝධී පනතක් දැන් ඉදිරිපත් කරන්වලු IMF එකේ බලපෑම උඩ. ඒකෙ තියෙන්නෙ හොරෙක් හොරෙක් කියලා දැන ගත්තහම එයාට විරුද්ධව කරන ක්‍රියාමාර්ගයක්. හොරකම් කිරීම නවත්වන්න කිසිම දෙයක් තිබුණ් නෑ.

අපේ තරුණයන්ට හැදිච්චකම නැත්තෙ ඇයි? තමා ගැන විතරයි හිතන්නේ. මේවට විසඳුම් හොයන්න ඕනේ. අධ්‍යාපනය සම්පුර්ණයෙන්ම කඩාගෙන වැටිලා.

සුළු ජන කොටස්වල ප්‍රශ්නෙට මේ රටේ ස්ථීරවම ව්‍යවස්ථාමය විසඳුමක් තිබිය යුතුයි. මම එතනින් එහාට මොකුත් දකින්නෙ නැහැ. මම නම් මැරුවත් 13 ගැන කතා කරනවා. 13ට එහා යන්නත් ඕනේ. අඩු ගානේ ඒ ජන කොටස් කියනවනම් 13 අපිට ඇති කියලා, ඒක හරි කළ යුතුමයි."