රාජපක්ෂ පාර්ශ්වයට වාසිදායක ප්‍රවෘත්ති නිර්මාණය කරන්නෙකු ලෙස පිරිසකගේ දෝෂ දර්ශනයට ලක්ව සිටින චතුර අල්විස් මේ අවස්ථාවේ රටින් පළායන්නට සූදානමින් සිටින බවටත් ඔහු කැනඩාවට වීසා අයදුම් කර ඇති බවටත් සේපාල අමරසිංහ සිය යූටියුබ් නාලිකාව ඔස්සේ මීට කලකට පෙර හෙළිදරව් කර තිබූ අතර එම අනාවැකිය සඵල කරමින් ඔහු රට යන්නට ඇතැයි ඇතැමුන් මේ නිසා විශ්වාස කර තිබේ.
කෙසේ වෙතත් සත්‍ය ලෙස සිදුව ඇත්තේ දෙරණ ආයතනය නියෝජනය කරමින් එහි වැඩසටහන් පටිගත කිරීමකට ඔහු කැනඩාවට ගොස් සිටින බවයි.
ඔහු මෙහෙයවන ‘Travel with Chatura’ වැඩසටහන සහ ‘Talk with Chathura’ සඳහා කැනඩාව බලා සංචාරය කර ඇති බවත්,
එය නිමාවත් සමග ඔහු නැවත මෙරටට පැමිණෙන බවත්, කැනඩාවේ පදිංචියට යාමක් නොවන බවත් ආයතනය පැහැදිලි කර තිබේ.
චතුර ද අල්විස්ගේ නිල ෆේස්බුක් ගිණුමේ කැනඩාවේ සිට දෙරණ මාධ්‍ය ජාලයේ වැඩසටහන් රූගත කරන අවස්ථාවක ඡායාරූපයක් දක්නට ලැබෙන අතර
කැනඩාවේ පදිංචිව සිටින ශ්‍රී ලාංකික ප්‍රබල ව්‍යාපාරිකයෙක් වන Riyaz Rauf පවසා ඇත්තේ තමා චතුරව කැනඩාවේදී පිළිගත් බව සත්‍යයක්වන නමුත් තමා හා චතුර ගුවන් තොටුපළේ සිටියදී ලබාගත් ඡායාරූපයට ලබාදී ඇති අර්ථ කථනය වැරදි බවයි.
0 Comments