damitha-speaks

ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මි මාධ්‍ය හමුවකට එක් වී මෙසේ පැවසුවාය.

"ජූලි 9 වෙනිදා වෙනකම් මම නිර්පාක්ෂික අරගල කරුවෙක් විදියට වැඩ කළා. අපි හිට ගන්න ඕනේ හරි ප්‍රතිපත්තියක් තියෙන මිනිස්සු එක්ක. පහුගිය කාලෙ හිටපු අයව රජ කරවන්නට පෙළගැහිලා හිටපු අය මට චෝදනත් කරනවා. මං බය නැතුව නම කියනවා.. හඳුන්නෙත්ති මහත්තයා. පට්ටපල් බොරු කියලා, මිනිසුන්ව රවට්ටලා.


මම සජබේ හිට ගත්තොත් මම යන්නේ සල්ලි වලටලු. මේ වගේ පල්ලෙහාට වැටෙන්නෙපා හඳුන්නෙත්ති මහත්තයෝ.

තමන්ගේ ප්‍රතිපත්තිය කියන්නකො රටට. අනුන්ට මඩ ගහ ගහ ඉන්නෙ නැතිව. ඒ ගොල්ලොන්ගෙ පැත්තෙ හිටගත්තොත් විහාර මහා දේවියෝ.. ඒ ගොල්ලෝ හොද අය.. මොකක්ද මේ? බොරු සමාජවාදය ගැන කතා කරන මේ මිනිස්සුන්ගෙ ළමයෙක්වත් මේ රටේ ඉස්කෝලෙක ඉගෙන ගන්නවද කියලා මං අහනවා.

මම ප්‍රතිපත්තියක් විදිහට කලාකරුවන්ට අපහාස කරන්නෙ නෑ. කලාව ඉවරයි. අර පාට පක්ෂේ රජ වුණොත් ඒ අයට විතරයි චැනල් වල ඇවිල්ල වැඩ කරන්න පුළුවන්. මේ වහුකුළු සම්ප්‍රදායන් බිඳිමු අපි.

අපි ට්‍රාන්ස්ෆෝමස් පුච්චලා කළුවරේ පහන් පත්තු කරලා හිටපු යුගය මතකයි. ලිබරල්වාදය මුළු ලෝකේම අරන් යන ලෝකෙක අපි ජීවත් වෙන්නෙ. තමුන් ගිහින් හම්බකරගෙන කන්නවත් බැරි මිනිස්සු අද ප්‍රතිපත්ති ගැන කතා කරනවා. බදු වලින් හොරා කාපුවා අයෙ ගන්න පුළුවන් නීති හදන්න. ඒ හොරුන්ව පත් කරපු අයත් කියනවා, ඒ හොරු අල්ලනවලු. හරී තීරණයක් තීන්දුවක් ගන්න ඕන වෙලාවක් මේක. එහෙම නොවුනොත් මේ රට ඉවරයි.