deepika-padukone-mistaken-for-model-camila-alves

ප්‍රකට බොලිවුඩ් නිළි දීපිකා පදුකෝන් ඔස්කා සිනමා සම්මාන උළෙල නැරඹීම සඳහා සහ එහි රතු පළසේ ඡායාරූපවලට පෙනී සිටීම සඳහා මෙවරත් ලොස් ඇන්ජලීස් වෙත ගොස් තිබූ පසුව ඇගේ ඡායාරූප ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මගින් වරදවා පළකිරීම නිසා ආන්දෝලනයක් හටගෙන තිබේ.


දීපිකා පදුකෝන් , ජාත්‍යන්තරව දන්නා නමක් වුවද, Getty සහ AFP ආයතන විසින් ඔවුන්ගේ ඔස්කාර් ආවරණයේදී කැමේලා අල්වෙස් Camila Alves ලෙස වැරදි ලෙස හඳුනාගෙන ඡායාරූප පළ කර තිබුණි.
එසේම ප්‍රධන පෙළේ විලාසිතා සඟරාවක් වන Vogue පවා මෙම වරද සිදු කර තිබුණි.

දීපිකාගේ හැඩරුවට බෙහෙවින් සමානකම් කියන කැමේලා අල්වෙස් මැකොන්ගී Camila Alves McConaughey යනු බ්‍රසීලියානු නිරූපිකාවක සහ නිර්මාණ ශිල්පිනියකි. ඇය විවාහ වී සිටින්නේ ප්‍රකට ඇමරිකානු නළු මැතිව් මැකෝන්ගී සමඟයි.
ඉන්දීය මාධ්‍ය සඳහන්කරන්නේ කළු පැහැති කළු ලුවී වුටන් ඇඳගෙන සිටි දීපිකා කැපී පෙනුණ බවත් ඇය බ්‍රසීලියානු නිරූපිකා කැමිලා මෙන් කිසි ලෙස පෙනුණේ නැති බවත්ය.
කෙසේ වෙතත් මෙම උළෙල වාර්තාකරණයේදී ඇතිවූ පටලැවිල්ල දැන් නිරාකරණය කර ඇති අතර දීපිකාගේ බොලිවුඩ් රසිකයින් ඇයට වූ අබැද්දිය ගැන තවම සමාජ මාධ්‍ය තුළ කථාබහ කරමින් සිටී.