diana-gamage-speaks

පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තු සභාවාරය අමතා මෙසේ පැවසුවාය.

"මේකට විසදුම ඡන්දය නෙමෙයි. අද පැය 24ම අපිට විදුලිය ලබා දීලා තියෙනවා. මේ රට කඩා වැටිලා තියෙන්නෙ දැන්. ඡන්දයක් තියලා මොනවද ඔබතුමාලා බලාපොරොත්තු වෙන්නෙ.

සම්පූර්ණ විරුද්ධව අත ඉස්සුවා මේ අයවැයට. එහෙව් එකේ දැන් මේකට වෙන් කරපු සල්ලි දෙන්න කියන එකේ මොකක්ද තියෙන සාධාරණත්වය. මේ විපක්ෂ නායකතුමා කියනවා රටවල්වල මිනිස්සු අපිට කියනවලු අනිවාර්‍යයෙන්ම ඡන්දයක් තිබිය යුතුයි කියලා IMF එක දෙන්න.  මේක සම්පූර්ණ බොරුවක්. වී ආ ඉන්ඩිපෙන්ඩන් නේෂන්.



ඔබතුමාලා දන්නවද ජනතාව මේ කඳුළු ගෑස් වලට මොන තරම් සල්ලියක් වියදම් කරනවද කියලා. සංචාරකයෝ මේ රටට පැමිණෙනවා. මොකක්ද මේ කරන විහිළුව? නැවතත් ඔබතුමාලා හදන්නේ කුරුඳු පොල් යුගය ගේන්න. රටට ආදරේ කිසි කෙනෙක් මේ වගේ වැඩ කරන්නෙ නෑ. මම කියනව මේ රටේ ජනතාවට, මේ මිනිස්සුන්ට ගහන්න ඕනේ.

මම සපෝර්ට් එක දෙන්න කවද හරි මේ රට ගොඩදාන කෙනාට. ඔය විපක්ෂ නායකතුමා කොන්දේසි දහය පහළොව දාලා අගමැතිකම ගන්න හැදුවා. අන්තිමට මොකුත් කොන්දේසි නෑ. රනිල් වික්‍රමසිංහ මේ රට භාරගන්න කොට, අනේ මට අගමැතිකම දෙන්න කියලා ගෝඨාභය සර්ට රෑ තිස්සේ කෝල් කර කර අඬනවා.

දැන්වත් ජාතික ප්‍රතිපත්තියක් තියෙන්න ඕන. IMF එකෙන් 2.9 බිලියන් අරගෙන මේ රට ගොඩදාන්න බෑ. අපිට ඡන්දයක් ඕනේ. නමුත් මේකද වෙලාව ඡන්දයකට. මේ ඡන්දෙන් වෙන්නෙ රජයට නැවත බරක් එකතු වෙන එක.

පුද්ගලිකව මම, පර්මිට් අවශ්‍ය නැහැ. මම ජනාධිපතිතුමාට කියන්නේ මේ ඔකෝටම ඕන කෙහෙල්මලක් කරගන්න කියලා අපි මේ රට හදාගෙන යං. එතුමා මේ මාස 8 ඇතුළත පෝළිම් නැති කරා මේ රටේ. මහා ලොකුවට කතා කරාට පළමුව රට කියලා ඇත්තටම ජනතාවට ආදරයක් තියෙවද?