dilan-speaks

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා නිදහස් ජනතා සන්ධානය මඟින් පවත්වනු ලැබූ මාධ්‍ය හමුවකදී මෙසේ පැවසීය.

"විදුලිය තිබ්බට 66%කින් බිල වැඩි වෙලා තියෙන්නෙ. පෙට්‍රල් පරිභෝජනය 40%කින් අඩු වෙලා තියෙන්නෙ. මිනිස්සු හොඳට කාලා බීලා ලයිට් දාගෙන චූන් එකේ ඉන්නවනම් ඡන්දයක් තිබ්බනම් අනිවාර්‍යයෙන්ම ආණ්ඩුව දිනනවා. අපි අහන්නෙ ආණ්ඩුවෙන් ඔච්චර තත්වෙ හොඳයි නම් ඡන්දෙ තියපියව්.

ආණ්ඩුව ඡන්දෙ තියන්නෙ නැත්තේ මුදල් නැති හින්දා නෙමෙයි, ආණ්ඩුවට ඡන්ද නැති හින්දා. යූන්පී ආණ්ඩු කාලවල වර්ජකයින්ව මරලා තිබ්බා. අපේ අම්මත් වැඩ වර්ජනය කලා 80වේ. අපේ අම්මත් ගුටි කෑවා සෝමපාල සහෝදරයගේ අවමංගල්‍ය උත්සවේට ගිහිල්ලා.



අපි වජිර අභේවර්ධනට කියනවා. මිනිස්සු ඒ ගොනා වික්කා. අරගෙලේ අතුළෙම සමහර කට්ටිය රනිල් වික්‍රමසිංහගේ මන්දිරේ ඇතුළේ ඉන්නේ. අරගලේ වෙලාවේ මේ පැත්තෙන් බෝඩ් එක අල්ලගත්ත ජෝසෆ් ස්ටාලින් හිර ගෙදර, අනිත් පැත්තේ බෝඩ් එක අල්ල ගත්ත රත්නත්ප්‍රිය රජ ගෙදර. අරගලේ ඇතුලෙත් ගෝඨාභය රනිල් වික්‍රම සිංහ මහත්තයා එක්ක කුමන්ත්‍රණයක් තිබිලා තියෙන්නෙ.

සමහර කුමාරවරුන්ට තිබුණු ප්‍රශ්නේ කුමාරයා කොහොමද ඉස්සරහට එන්නේ කියලා. සමගර පුත්තු කල්පනා කලා බාප්පට කෙලවලා රජ වෙන්න පුළුවන්ද කියලා. අන්තිමට බාප්පටත් කෙල වුණා තාත්තටත් කෙල වුණා පුතාටත් කෙල වුණා. .

හම්බන්තොට ඉඳළා මොණරාගල එනකොට අපි ගියා මොණරාගල ඉඳළා හම්බන්තොටට. හම්බන්තොට රැස්වීමේ හිටියා, එදා මොණරාගල රැස්වීම වගේ දෙගුණයක් අපේ රැස්වීමේ. ඒ රාජපක්ෂලගේ ගුහාවේ. ඒ හැම මිනිහම රාජපක්ෂලට එරෙහිව නැඟිටින්න තීන්දු කරලා තියෙනවා. එතුමාව විනාශ කලේ එමගේ පවුලේ අය. ඒ ගහපු ගේම් නිසා. මොණාරගලට එදා ආවේ පොහොට්ටුවෙ කපුටු පිල. ඒ වෙලාවෙම පොහොට්ටුවේ අලියගෙ පිල හිටියේ මිනුවන්ගොඩ. පොහොට්ටුවේ ඉන්න අයත් දැන් බෙදිලා ඉන්නේ. මේ විදියට ගියොත් රනිල් වික්‍රමසිංහ මහත්තයව ජනතාව කනෙන් ඇඳලා දොට්ට දාන්නේ කොහාටද දන්නෑ"