election-march9-issue

අලුත්ම තත්ව යටතේ පළාත් පාලන මැතිවරණ දිනය මාර්තු මස 9 වැනි දා ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිසම නිවේදනය කරයි.


අද දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවෙහි කැදවූ නඩුවේ තීන්දුවට මැතිවරණයට දිනයක් නියම කිරීම පහසුවී ඇති බැවින් ඒ අනුව මුදල් අමාත්‍යාංශය ඇතුළු ආයතන සමග සාකච්ඡා කර ඡන්ද විමසීම සඳහා සුදුසු දිනයක් තීරණය  9 වනදා  ප්‍රකාශයට පත් කරන බව දන්වා ඇත.



මැතිවරණ කොමිෂන් සභාව විසින් පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීමේ දීර්ඝ කරන ලද දිනය අද (03) ප්‍රකාශයට පත් කිරීමට කටයුතු යොදා තිබුණ ද එය ප්‍රකාශයට පත් කරන දිනයට තවත්දින කිහිපයක් ඒ අනුව කල් ඉල්ලා ඇත.
මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ,


අද ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වූ නඩුවේ තීන්දුව ලැබුණ බවත් ඒ අනුව මුදල් අමාත්‍යාංශයට මුදල් නිකුත් කිරීමට හැකි වන පරිදි නියෝගයක් නිකුත්ව ඇති බැවින්  මුදල් අමාත්‍යාංශය සමග මුදල් නිදහස් කිරීම ගැන සෘජු සාකච්ඡාවක් පවත්වන්නට අවකාශ ලැබී ඇති බවයි.
 අදාළ ආයතන සමග සාකච්ඡා කර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට සුදුසු දිනය ගැන තීරණයක් ගන්නා බවත් ඒ අනුව තවත්දින 6ක් ඇතුළත කර එය ලබන 09 වැනිදා ප්‍රකාශයට පත් කරන බවයි.