election-delay

පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා එළබෙන මැතිවරණය සම්බන්ධයෙන් මෙසේ පැවසීය.

"අප්‍රේල් මාසේ 25 වෙනිදට පළාත් පාලන මැතිවරණයේ ඡන්ද විමසීම පැවැත්වීමේ ඉඩකඩක් පෙනෙන්නට නැහැ. අපි හිතුවේ නෑ මහජනතාවට අයිතිව තියෙන සර්වජන ඡන්ද බලය පැහැර ගන්නට ආණ්ඩුව ක්‍රියා කරයි කියලා. අධිකරණ ක්‍රියාමාර්ග පවා නොසළකන තත්වයට මේ ආණ්ඩුව කටයුතු කරලා තියෙනවා.

මේකෙ බරපතලම කාරණය තමයි මේ රටේ පැවැත්මට අවශ්‍ය බලයේ සමබරතාවය බිඳ වැටෙන ආකාරයට ආණ්ඩුව ක්‍රියා කරමින් ඉන්නවා.

පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙලා අධිකරණය විසින් ලබා දුන්නු තීන්දු විවේචනයට ලක් කරන තත්වයකට පත් වෙලා තිබෙනවා. වැදගත් වෙන්නෙ රටක නියමිත කාලයක මැතිවරණ පැවැත්වීම. ඉතාමත් පැහැදිලියි ඔවුන් උත්සහයන් 30කට ආසන්න ප්‍රමාණයක් විවිධ විදියට මේ මැතිවරණය කල් දාන්න නිල විදියට නීතිය පාවිච්චි කරමින් මුදල් අමාත්‍යවරයාගේ බලතල පාවිච්චි කරමින් මැතිවරණ කොමිසමේ දත්ත තීන්දු තීරණ නීත්‍යානුකූල නොවන බවට සමාජ මතයක් ගොඬ නගමින් විවිධ උත්සහයන් ආණ්ඩුව ගන්නවා.

අපි ඉල්ලා සිටින්නෙ රටේ ගැටුම්කාරී තත්වයක් ඇති නොවන ආකාරයට කටයුතු කිරීමට විධායකයත් ව්‍යවස්ථාදායකයත් එකට එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාවය මේ
මොහොතේ පේනවා. මේ ජනතා අයිතියට අත තියන්න එපා."