election-april25

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥාපනතට අනුව පළාත් පාලන මැතිවරණය 2023 අප්‍රේල් 25 වැනි දින පැවැත්වීමට අදාළ දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් විසින් 08 වනදාතමින් ගැසට් නිවේදන නිකුත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේය.



තැපැල් ඡන්ද පත්‍රිකා දින පහක් ඇතුළතත් අනෙකුත් ඡන්ද පත්‍රිකා දින 20ත් 25ත් අතර කාලයක් තුළ මුද්‍රණය කර ඉදිරිපත් කිරීමට රජයේ මුද්‍රණාලය එකඟ වූ බව එහි සඳහන් වේ.



රජයේ මුද්‍රණාලය විසින් ඉල්ලා සිටින පරිදි ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේදී අවශ්‍ය පොලිස් නිලධාරීන් සංඛ්‍යාව පැවරීමට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (මැතිවරණ) එකඟ වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

මැතිවරණ කොමිෂන් සභාව විසින් ඉල්ලා සිටින පරිදි අවශ්‍ය ඉන්ධන තොග ඉදිරි දින කිහිපය තුළ ලබාදීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ සහ ලංකා ඛනිජ තෙල් සහයෝගිතා (CPC) නිලධාරීන් එකඟ වී ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණයේ අතුරු නියෝගයට අනුව මැතිවරණය පැවැත්වීමට ඇති බාධා ඉවත් කර ගැනීම සඳහා අදාළ රාජ්‍ය ආයතන සමඟ පැවති සාකච්ඡාවකදී මෙම එකඟතාවන්ට පැමිණි බව කොමිසම සඳහන් කළේය.
ගැසට් අංක වලින් කොටසක් පහතින්