The Toll Tax collector

පාරේ යන වාහන නවතා තමන්ගේ ආහාර අවශ්‍යතා සපුරාගන්නා අලියෙකු ගැන වීඩියෝවක් ඉන්දියානු සමාජ මාධ්‍ය තුළ පැතිරී ගොස් තිබේ. වෛද්‍ය අජයිතා, "ගමනේ බදු එකතු කරන්නා" යන විනෝදජනක ශීර්ෂ පාඨය සමඟ වීඩියෝව මුලින්ම මුදාහැර තිබුණි.


අලියාට උක් ගස් ආහාරයට ගත හැකි වන පරිදි ට්‍රක් රථ නවතා දමන අයුරු වීඩියෝවේ දැක්වේ. සත්ව-මිනිස් සම්බන්ධයක් අපූරු ලෙස මෙහිදී විස්තර වේ.
එක් පරිශීලකයෙක් අදහස් දක්වමින්, "විශිෂ්ට දෙය නම් එය කෑදර නොවීමයි. ඌ සෑම ට්‍රක් රථයකින්ම එක කටක් ගෙන ඔවුන්ට යාමට ඉඩ දෙයි." යනුවෙන් කියා තිබුණි.
අලියා සතු තීක්ෂ්ණ බුද්ධිය ගැනද ඇතැමුන් අදහස් දක්වා තිබුණි. Video Below