face-mask-issue

දකුණු පළාතේ එක්තරා ගමක සිදුවූ සිදුවීමකි. ගමනක් යන සිරිදාසට බඩගින්නක් දැනුනෙන් අතරමග සයිවර් කඩයකට ගොඩ වුණේය. තෝසේ 2ක් සහ වඩේ 1 ක් ඕඩර් කළ ඔහු හදිසි අවශ්‍යතාවකට කඩේ පිටුපස වැසිකිළියට ගියේය. සෑහෙන වෙලාවක් ගතවුවද ඔහු ආපසු ආවේ නැත. වේටර්වරයා ගොස් කැෂියර්ට කීවේය. ඔහුගේ නියමය පරිදි වේටර් වැසිකිළිය ළඟට ගියේය. එය තිබුණේ කඩයට මඳක් දුරිනි.



වැසිකිළිය තවමත් වැසූ ගමන්ය. වේටර් සැකයෙන් යුතුව වැසිකිළියේ දොරට තට්ටුවක් දමා කතා කළේය. එය තුළ සිටි මගියා “මට පොඩි කරදරයක් වුණා. මගේ මුඛවාඩම යකඩ ඇනයක එල්ලලා වතුර බාල්දිය පුරවනකොට ඒක හුළඟට ගැලවිලා වතුර එකට වැටුණා. ඉතිං ඒක නැතුව එන්න බැරි නිසා මම ඒක අරගෙන වේලනවා." කීවේ කලබලයෙනි.

"හත්දෙයියනේ, මය ජරාවට වැටුන එක වේලලා ආපසු දාගන්න එපා. මම අලුත් එකක් දෙන්නම්." කී ඔහු කඩය තුළට දිව ගොස් අලුත් මුඛ වැස්මක් ගෙනවිත් වැසිකිළි වා කවුළුවෙන් එය ඇතුළට දිගුකොට “මේක දාගන්න” යැයි කීවේය.